රැකියා විරහිත උපාධිධාරීන්ට බත්තරමුල්ලේදී ජල ප්‍රහාර

51

සරසවි අනධ්‍යයන සේවකයෝ අද සිට සරසවි ඉදිරිපිට සත්‍යග්‍රහවල

බත්තරමුල්ල, පොල්දුව මංසන්ධියේදී රැකියා විරහිත උපාධිධාරීන් ඊයේ (18දා) පැවැත්වූ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් හටගැනිණි.

ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් ඔවුන් විරෝධතාවයේ නිරත වූ අවස්ථාවේ එම ස්ථානයට පැමිණි පොලිස් ජල ප්‍රහාරක රථයෙන් පිරිස විසුරුවා හැරීමට ජල ප්‍රහාර එල්ල කරන්නට විය.

රැකියා විරහිත උපාධිධාරීන්ට බත්තරමුල්ලේදී ජල ප්‍රහාර

ඒ අවස්ථාවේ පිරිස පොලිසියට ‘හූ’ කියමින් සිය විරෝධය පාන්නට වූහ. මෙම ජල ප්‍රහාරය එල්ල කරන්නට වීමත් සමග එම ජලය මාර්ගයේ ගමන් ගත් වාහනවලද වැදුණු අතර මේ නිසා වාහන රියැදුරෝද දැඩි අපහසුතාවයට පත්වූහ.

මේ අතර පුරා දින 48ක් වැඩ වර්ජනයක නිරතව සිටින විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් 3000කට අධික පිරිසක් කොළඹට පැමිණීමෙන් කොළඹ ලෝටස් පාරේ එක් මංතීරුවක් සම්පූර්ණයෙන් වසා දමන්නට සිදුවීමත් සමග ප්‍රදේශයේ රථවාහන තදබදයක් හටගැනිණි.

පසුව ඔවුහු මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මුණගැසුණහ. අදාළ ඉල්ලීම් කැබිනට් පත්‍රිකාවට ඇතුළත් කරන බව එහිදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසූ බව අන්තර් විශ්වවිiාල වෘත්තීය සමිති මහා සම්මේලනයේ භාණ්ඩාගාරික ටී.ඒ.ඩී. සුරංජීව මහතා ‘දිවයින’ට පැවසීය.

ඉන් අනතුරුව විශ්වවිiාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා හමුවී සාකච්ඡා කළ බවද හෙතෙම කියා සිටියේය.

සුරංජීව මහතා මෙසේද කීය.

“විශ්වවිiාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිතුමා සාධනීය ලෙස මැදිහත් වීමක් වෙනවා කිව්වා. අපි කිව්වා මේ වැඩවර්ජනය නතර කරන්නේ ඉල්ලීම්වලට අදාළව චක්‍රලේඛය නිකුත් කළාට පසුවයි.

කොහොම වුණත් අද (19දා) ඉඳලා දිවයිනේ සියලු විශ්වවිiාල ඉදිරිපිට සත්‍යග්‍රහයක් පටන් ගන්නවා. වැඩ වර්ජනයත් ඒ විදිහටම යනවා.”

රැකියා විරහිත උපාධිධාරීන්ට බත්තරමුල්ලේදී ජල ප්‍රහාර

සරසවි අනධ්‍යයන සේවකයෝ ඊයේ ජනපති ලේකම් කාර්යාලය අසල

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment