රැගෙන එන විදේශ විනිමයෙන් 25%ක්-35%ක් මහ බැංකුවට විකිණිය යුතුයි – වාණිජ බැංකුවලට නියෝගයක්

127

විදේශගත ශ‍්‍රමිකයන්, අපනයනකරුවන් සහ ජනතාව විසින් බලපත‍්‍රලාභී බැංකු වෙත රැුගෙන එන විදේශ විනිමය ප‍්‍රමාණයෙන් සියයට විසිපහේ සිට තිස් පහ දක්වා මහ බැංකුවට විකිණිය යුතු බවට මහ බැංකුව නව තීරණයක් ගෙන තිබේ.

මෙතෙක් කලක් ලබාගත් සියයට දහයක කොටස සියයට විසිපහේ සිට තිස් පහ දක්වා වැඩිකර ඇත්තේ මහ බැංකුව සතු ඩොලර් සංචිත ඉහළ නංවා ගැනීමේ අරමුණින්ය. මහ බැංකුව බලපත‍්‍රලාභී වාණිජ්‍ය බැංකුවල ප‍්‍රධාන විධායක නිලධාරීන්ට යැවූ ලිපියක් මගින් මෙම කරුණු අනාවරණය වී තිබේ.

එම මුදල් ප‍්‍රමාණය සතියකට වරක් මහ බැංකුවට අලෙවි කළ යුතු බවද දැනුම්දී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment