රැජනගෙන් හිස්වූ කිරීටය වැඩිමහල් පුත් තෙවන චාල්ස් රජුට

236

දෙවන එලිසබෙත් රැජනගේ අභාවයෙන් පසු ඇගේ වැඩිමහල් පුත් චාල්ස් රජු බවට පත්විය. ඔහු තෙවන චාල්ස් රජු ලෙස හැඳින්වෙනු ඇත.

1685න් පසු කිරීටය දැරූ පළමු චාල්ස් ඔහුය. තෙවන චාල්ස් රජු 73 හැවිරිදි වියේ පසුවන අතර 1948 දී උපත ලබා ඇත. සැප්තැම්බර් 8 වැනිදා කාලක්‍රියා කළ රැජන, බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දීර්ඝතම කලක් රජකම් කළ රාජකීයයා විය. ලෝකයේ වැඩිම කාලයක් රජ කිරුළක් දැරුවේ ද ඇයයි. දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවය සිදුවූයේ පසුගිය 8 වැනිදාය. 96 හැවිරිදි එලිසබත් රැජිනගේ අභාවය ලොව කම්පා කළේය. ඇගේ අභාවය නිල වශයෙන් නිවේදනය කළේ බකිංහැම් මාලිගයයි.

1926 දී උපත ලද එලිසබෙත් කුමරිය, 1952 දී ඇගේ පියා වූ හයවන ජෝර්ජ් රජුගේ අභාවයෙන් පසු රැජින බවට පත්වූවාය. 1947 දී ඇය එඩින්බරෝ ආදිපාදවරයා වන පිලිප් සමග විවාහ වූ අතර, මෙම යුවළ චාල්ස්, ඈන්, ඇන්ඩෘ සහ එඩ්වඩ් නම් දරුවන් සිව්දෙනකු ලදහ.

රැජනගෙන් හිස්වූ කිරීටය වැඩිමහල් පුත් තෙවන චාල්ස් රජුට
රැජනගෙන් හිස්වූ කිරීටය වැඩිමහල් පුත් තෙවන චාල්ස් රජුට

පසුගිය සෙනසුරාදා ශාන්ත ජේම්ස් මාලිගයේ පැවති උත්සවයකදී III වන චාල්ස් රජු නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදී. ඔහුගේ මවගේ මරණයෙන් පසු රජු රජ බවට පත් වූ නමුත් නිල වශයෙන් එය තහවුරු කළේ සෙනසුරාදාය. මෙය සිදුවූයේ ‘ප්‍රාප්ති කවුන්සිලය’ නම් චාරිත්‍රානුකූල මණ්ඩලයක් ඉදිරිපිටදීය. නව රජතුමා රැජනගේ අවමංගල්‍ය දිනය සැප්තැම්බර් 19 සඳුදා බැංකු නිවාඩු දිනයක් ලෙස අනුමත කළේය. ප්‍රවේශ කවුන්සිලය ඉදිරියේ අදහස් දක්වමින් රජු පැවසුවේ තම මවගේ මරණය “පිරිමැසිය නොහැකි පාඩුවක්” බවයි. මෙම අවස්ථාව සඳහා හිටපු බ්‍රිතාන්‍ය අගමැතිවරු හයදෙනෙක් ද සහභාගිව සිටියහ.

කෝන්වෝල් සහ කේම්බ්‍රිජ්හි ආදිපාද, විලියම් කුමරු වත්මන් තෙවන චාල්ස් රජුගේ සහ වේල්ස් කුමරිය වන ඩයනාගේ වැඩිමහල් පුත්‍රයා වන අතර දැනට සිංහාසනය සඳහා අනුප්‍රාප්තික අනුපිළිවෙළේ පළමු ස්ථානයේ පසුවෙයි. ඔහුගේ 21 වන උපන්දිනයේදී ඔහු රාජ්‍ය උපදේශකයකු ලෙස පත්කරනු ලැබුණි. නිල අවස්ථාවන්හිදී රැජන වෙනුවෙන් පෙනී සිටීමට මින් ඔහුට බලතල හිමිවිය. 2013 ජූලි මාසයේදී ඔහුට සහ බිරිඳට ඔවුන්ගේ පළමු දරුවා වූ ජෝර්ජ් ලැබුණි. ඔවුන්ගේ දෙවැන්නිය වූ චාලට් 2015 දීද, තෙවැන්නා වූ ලුවී 2018 දීද බිහිවිය. ජෝර්ජ් කුමරු ඔහුගේ පියාට පසු සිංහාසනයට උරුමකම් කියයි. ඔහු අනුප්‍රාප්තික අනුපිළිවෙළේ දෙවැනියා ය.

මේ අතර, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් ඇතුළු පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු නව රජුට පක්ෂපාතී බවට දිවුරුම් දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment