රැජනගේ අවසන් කටයුතු 19 වැනිදා

215

බ්‍රිතාන්‍යයේ දියත් කෙරෙන විශාලත ම ආරක්‍ෂක මෙහෙයුම එළිසබත් රැජනගේ අවමඟුල පැවැත්වෙන මෙම මස 19 වැනිදා ක්‍රියාත්මක වෙයි.

ජනපතිවරුන්, අගමැතිවරුන් ඇතුළු රාජ්‍ය නායකයන් 2000ක් ඇගේ අවමංඟුලට සහභාගි වන අතර එම ආරක්‍ෂක මෙහෙයුමට ලන්ඩන් බ්‍රිජ් (ලන්ඩන් පාලම) යැයි නම් කර ඇත.

ස්කොට්ලන්ට්යාඩ් පොලිසිය එම්. අයි. 5 සහ එම් අයි 6 යන බුද්ධි සේවා මෙයට සහභාගි වේ.

ලන්ඩන්නුවර වෙස්මිනිස්ටර්හිදී පැවැත්වෙන මෙම අවමඟුල් උත්සවයට අති විශාල ජනතාවක් පැමිණෙනු ඇතැයි වාර්තා වෙයි.

මේ අතර බ්‍රිතාන්‍යයේ නව රජු ලෙස චාල්ස් කුමරු උත්සවයකින් තොරව පත්කර ඇත. ඔහු 3 වැනි චාල්ස් රජු යන නාමය භාවිත කරනු ඇත.

චාල්ස් කුමරුගේ වයස අවුරුදු 73කි.

එළිසබත් රැජනගේ අවමඟුල පැවැත්වෙන සමයේ දින 10ක ශෝක කාලයක් බ්‍රිතාන්‍ය ප්‍රකාශයට පත්කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment