රැජනගේ දේහය රැගෙන යද්දී ගෞරව දක්වන්න මග දෙපසත් මහ සෙනඟ

322

ලබන සැප්තැම්බර් 19දා පැවැත්වෙන එලිසබත් රැජනගේ අවමංගල්‍යයට ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක් සහභාගිවන බව බි්‍රතාන්‍ය මාධ්‍ය කියා සිටී. අවමඟුලට සහභාගි වන රාජ්‍ය නායකයන්ට ලන්ඩන් සිට හෙලිකොප්ටර් යානාවලින් සහ පෞද්ගලික වාහනවලින් පැමිණීම රජය තහනම් කර ඇත.

ඇමරිකානු ජනපති ජෝ බයිඩන් සහ බිරිය ජිල් යන දෙදෙනො ජනපති යානාවෙන් ලන්ඩන් නුවරට පැමිණේ.

බි්‍රතාන්‍ය ඉතිහාසයේ මෙතෙක් දියත් වූ විශාලතම ආරක්‍ෂක මෙහෙයුම සැප්තැම්බර් 19දා ක්‍රියාත්මක වේ. එලිසබත් රැජනගේ අවමගුලේ ආරක්‍ෂක මෙහෙයුමට ඔපරේෂන් යුනිකෝන් යැයි නම් කර ඇත.

මේ අතර ස්කොට්ලන්තයේ බැල්මෝරල් මාලිගයේ සිට එලිසබත් රැජනගේ දේහය ගුවන් තොටුපළට ගෙන ආ අවමංගල රියේ විලියම් පර්වි නැමැති අවමංගල සමාගමේ ලාංජනය අලවා තිබීම ගැන විරෝධතාවයක් මතුවීම නිසා එය විගස ඉවත්කර ඇත.

මේ අතර සිව්දිනක් තිස්සේ ලන්ඩන් නුවර වෙස්මිනිස්ටර් ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙන රැජනගේ දේහය ශාන්ත ජෝශප් දෙව්මැඳුරේදී මිහිදන් කෙරේ.

ඇගේ සැමියා වූ පිලිප් කුමරු මිහිදන් කළ ස්ථානය අසල එලිසබත් රැජනගේ දේහයද තැන්පත් කෙරෙනු ඇත.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment