රැජිනගේ යෂ්ටිය අරලියගහ මන්දිරයට…

372

එංගලන්තයේ බර්මින්හැම් නුවර දී මෙවර පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලට පූර්වගාමීව ලොව පුරා රටවල් 72කට රැගෙන යන රැුජිනගේ පණිවිඩය සහිත යෂ්ටිය පෙරේදා (05 වැනිදා) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හරසරින් පිළිගන්නා ලදී.

25 වැනි ගමනාන්තය ලෙස පසුගිය 03 වැනිදා මාලදිවයිනේ සිට මෙරටට රැගෙන ආ මෙම යෂ්ටිය පුරා දින 3ක් ශ‍්‍රී ලංකාවේ විවිධ ස්ථානවල ප‍්‍රදර්ශනය කිරීමෙන් පසු මෙලෙස අග‍්‍රාමාත්‍යතුමා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම යෂ්ටිය පිළිගැනීම සහ එය ප‍්‍රදර්ශනය කිරීමේ සම්බන්ධීකරණ කටයුතු ශ‍්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සඳහා නිල වශයෙන් භාර කර තිබිණි.

ඒ අනුව ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ‍්‍රමනියම් මහතා ලබන ජුලි 28 වැනිදා බර්මින්හැම් නුවර ආරම්භ වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේ නිල සංකේත හා යෂ්ටිය තුළින් නිරූපිත අදහස් අග‍්‍රාමාත්‍යතුමා හමුවේ තැබීය.

අනතුරුව ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ‍්‍රමනියම් මහතා විසින් අග‍්‍රාමාත්‍යතුමාට යෂ්ටිය පිළිගන්වන ලදී.

ශ‍්‍රී ලංකාවේ සිට මෙම යෂ්ටිය ඊයේ (06 වැනිදා) බංග්ලාදේශය දක්වා රැගෙන යෑමට නියමිතව තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment