යූ ටියුබ් වල පෙරළිකාර චරිතයක් වන රැට්ටාගේ රඟපෑම් දැන් පුංචි තිරය ඔස්සේ ද දැක බලාගන්න පේ්රක්ෂකයාට අවස්ථාව උදාවෙලා තියනවා. මේ දිනවල සියත ටීවී ඔස්සේ විකාශය වන රේස් ටෙලි නාට්‍යයේ ක්ලිෆර්ඞ්ගේ චරිතයට පණපොවන්නේ හැමෝම හොඳින් හඳුනන රැට්ටා හෙවත් රතිඳු සුරම්‍ය සේනාරත්නයි. නෝ පාර්කින් හරහා ටෙලි නාට්‍ය රංගනයට පිවිසි රතිඳු දිගටම ටෙලි නාට්‍ය රංගනයට එකතු වෙයිද? මේ ගැන දැනගන්න මීවිත අපි ඔහුට කතා කළා.
රැට්ටට ක්ලිෆර්ඞ්ගේ චරිතයට මාරු වෙන එක අභියෝගයක් වුණේ නැද්ද?
යූ ටියුබ් එකෙන් ගොඩනඟා ගන්ත රැට්ටා කියන කොමඩි චරිතයට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් තමයි ක්ලිෆර්ඞ් කියන්නේ. ඒක මැරයෙකුගේ චරිතයක්. කැමරාවක් ඉස්සරහ මැරයෙක් විදිහට රඟපාන එක මට අලූත් සහ වෙනස් අත්දැකීමක්. ඇත්තටම ඒක අභියෝගයක්. ඒක අභියෝගයක් නිසාම මම ඒ චරිතය භාර ගත්තා.
රැට්ටා කියන හාස්‍යෝත්පාදක චරිතයත් සමඟ බැඳුණු රතිඳු ටෙලිනාට්‍ය රංගනය එකතු වුණේ ඇයි?
මේක මගේ දෙවෙනි ටෙලි නාට්‍ය රංගන අත්දැකීම. ටෙලිනාට්‍ය රංගනය මගේ වෘත්තිය නෙවෙයි. ටෙලිනාට්‍යයක රඟපෑම සහ යූ ටියුබ් චරිතයක් කියන්නේ එකිනෙකට වෙනස් අවස්ථාවන් දෙකක්. ඒ නිසා ටෙලිනාට්‍යවල රඟපාන්නේ නෑ කියලා මම තීරණය කරලා හිටියේ. නමුත් රේස් එකේ නිෂ්පාදකවරයා මගේ හොඳ යාළුවෙක්. ඔහු කතා කළ නිසා තමයි ක්ලිෆර්ඞ්ගේ චරිතය භාර ගත්තේ. රේස් ටෙලි නාට්‍යය යූ ටියුබර්ස්ලත් එකතු කරගෙන කරන වැඩක් නිසා ගරු රඟපෑමක් ලෙස තමයි සහභාගි වුණේ.
නැවත ටෙලිනාට්‍යයක රඟපාන්න ලැබෙන ආරාධනා භාර ගන්නේ නෑ කියන තීරණය දැන් වෙනස් වෙලාද?
ටෙලි නාට්‍යවල රඟපාන්න මට ලොකු කැමැත්තක් නැහැ. ඒත් කවදා හරි ටෙලිනාට්‍යයක් හරි චිත්‍රපටයක් හරි කරන්න මට බලාපොරොත්තුවක් තියෙනවා. මොකද පිටපත් රචනයට වගේම අධ්යක්ෂණයට මට හැකියාව තියෙනවා. කවදා හරි ඒ හැකියාවෙන් ප්‍රයෝජන අරගෙන හොඳ නිර්මාණයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
‘ස්වප්නා. නමින් මෑතක කළ වීඩියෝව හරහා රතිඳු උත්සාහ කළේ ඒ හීනයට ළං වෙන්නද?
දැන් මම ටික ටික මගේ හීනයට පාර හදාගෙන යන ගමන්. ස්වප්නා කියන්නෙත් මට සුවිශේෂී නිර්මාණයක්. දින ගණනාවක් ගත කරලා ලස්සන ලොකේෂන් වල කරපු වෙනස් විදිහේ වැඩක්. කොවිඞ් නිසා වගේම වරින් වර මා අසනීප වීම නිසා රූගත කිරීම් එක දිගටම කරන්නත් බැරිවුණා. කොහොම වුණත් අවසානේ අපි බලාපොරොත්තු වුණාටත් වඩා ලස්සන වැඩක් කරන්න අපට පුළුවන් වුණා.
රතිඳු කාටත් රහසේ විවාහ වෙලා කියලා පැතිරෙන කතාව මොකක්ද?
ඒක ඇත්තටම ගොසිප් එකක්ම විතරයි. ස්වප්නා කියන මගේ අලූත් වීඩියෝ එක රූගත කරන වෙලාවේ ප්‍රධාන නිළියත් එක්ක රජ ඇඳුම් ඇඳගෙන ෆොටෝ ෂූට් එකක් කළා. ඒ ෆොටෝ සමාජ මාධ්‍යවලට දැම්මට පස්සේ තමයි මම විවාහ වෙලා කියලා කතාවක් පැතිරෙන්න පටන් ගත්තේ. ඇත්තටම ඒක චයදඑදියදදඑ එකක් විතරයි.
කොවිඞ් නිසා රැට්ටගේ යූටියුබ් එකේ වැඩ නතර වෙලා ද?
කොවිඞ් එක්ක අපි හැමෝටම කාලයක් නතර වෙලා බලන් ඉන්න වුණා. ඩිජිටල් මාර්කටින් පවා තරමක් දුරට කඩාගෙන වැටුණා. දැන් ටිකෙන් ටික යථා තත්ත්වයට පත්වෙමින් තියෙනවා. කොහොම වුණත් රැට්ටා යූ ටියුබ් එකේ වැඩ නතර කරලා නෑ. මේ දවස්වල අලූත් වීඩියෝ එකක වැඩ කරන ගමන් ඉන්නේ. ඊට අමතරව ිඑමාසද ර්එඒ නමින් මගේ ප්‍රඩක්ෂන් හවුස් එකේ වැඩ පටන් ගත්තා.දැන් ඕන කෙනෙක්ට ඒ හරහා ප්‍රඩක්ෂන් කර ගන්නත් පුළුවන්.
රැට්ටාගෙන් පස්සෙ රැල්ලක් විදියට යූ ටියුබර්ස්ලා බිහිවුණා නේද?
අපි අයිති වෙන්නේ යූ ටියුබ් දෙවැනි පරම්පරාවට. තවමත් ජනප්‍රිය වන වීඩියෝ අතර දෙවැනි පරම්පරාවේ වීඩියෝ තමයි වැඩිපුරම තියෙන්නේ. අපෙන් පස්සේ ආව පිරිසගෙන් බහුතරයක අරමුණ වුණේ ඉක්මනින් මුදල් ඉපයීම. ඒ නිසා විනෝදය සපයන එක හෝ සමාජයට පණිවිඩයක් දෙන එක හරි අමතක වෙලා ගිහින්. ලාභ ඉපයීමම අරමුණ කර ගන්නේ නැතිව හරි විදියට යූ ටියුබ් එකත් එක්ක කටයුතු කරන තුන්වෙනි පරම්පරාවක් බිහි වෙනකම් අපිත් බලාගෙන ඉන්නවා.
නිරෝෂා වාසල