රැඳවියන් 197 කට අද ජනාධිපති සමාව: ලිස්ට් එකේ රන්ජන්ගේ නම නෑ

244

හැත්තෑ හතර වැනි නිදහස් සැමරුම යෙදී තිබෙන අද (04දා) ජනාධිපති පොදු සමාව යටතේ බන්ධනාගාරගතව සිටින රැුඳවියන් 197 දෙනකුට නිදහස ලබා දෙන බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.

එහෙත් මෙම පොදු සමාව යටතේ නිදහස හිමිවන ලේඛනයෙහි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාගේ නම නොමැති බවද හෙතෙම කීය.

නිදහස හිමිවන රැඳවියන් 197 දෙනා අතරින් 182 දෙනකුම දඩමුදල් ගෙවා ගත නොහැකිව සිරදඩුවම් විදිමින් සිටින පුද්ගලයන් බවද බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

එයට අමතරව නියම කරන ලද දඬුවමින් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් හෝ ගෙවා දමා ඇති වයස අවුරුදු 65 ඉක්මවූ එක් පුද්ගලයකුටද නිදහස හිමිවී ඇත. නිදහස් දිනය නිමිත්තෙන් දඬුවම් වි`දිමින් සිටින රැඳවියන්ට ගෙවන ලද එක් වසරකට හෝ ඉන් අඩකට හිමිවන දින හතක සමාව යටතේ නිදහස හිමිවී ඇති ගණන 14 කි.

මෙම රැඳවියන් 197 දෙනා රට පුරා පිහිටි විවිධ බන්ධනාගාරවලින් අද නිදහස ලබා පිටව යෑමට නියමිතය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment