රැඳවුම් කාලය අවසන් වූ පසුව පොඩිලැසී උසාවිය හමුවට – නීතිපති අභියාචනාධිකරණයට දැනුම් දෙයි

281

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින ප‍්‍රබල පාතාල කල්ලි නායකයකු යැයි කියන ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසී නමැත්තාගේ රැුඳවුම් නියෝග කාලය හෙටින් (15දා) අවසන් වූ පසුව ඔහු මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (13දා) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා විසින් ඒ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දී ඇතැයිද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම්.ටී. මොහොමඞ් ලෆාර් තාහීර් සහ එස්. යූ. බී. කරල්ලියද්ද යන විනිසුරු ම`ඩුල්ලට දැනුම් දුන්නේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සිය සැමියාගේ ජීවිත ආරක්‍ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ වන ඒ. දිල්හානි තනුජා නමැත්තිය විසින් ගොනු කර තිබූ පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු තහවුරු කිරීම සඳහා ලබන පෙබරවාරි 9 වැනිදා යළි කැඳවීමටද විනිසුරු ම`ඩුල්ල එහිදී වැඩිදුරටත් නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment