රැළි පාවඩය සාදා-ගිජිඳු වඞී සෝබනා

536

ශ්‍රී දළදා අවසන් මහා රන්දෝළි පෙරහැරේ කරඬුව වැඩමවාලු නැදුන්ගමුවේ රාජා ඇතා කරඬුව පිට මත හොවාගෙන සිදුකරන ලද සුවිශේෂී කටයුත්තක් පිළිබඳව වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනා ගත්තේය.
එනම්ල දළදා මාළිගාවේ වාහල්කඩ සිට සඳකඩපහණ බසින පඩි පෙළ දිගේ එළා තිබුණු සුදු පාවඩය ඇතා විසින්ම ඉතා පිළිවෙළට සකස් කරමින් ඒ මතින් බැසීමයි.
රාජා විසින් තම හොඩය හා ඉදිරි පාද අධාරයෙන් පඩි පෙල් දෙකකදී දෙවතාවක්ම මෙලෙස පාවාඩය පිළිවෙළට සකස් කරමින් සඳගල දක්වා බැස එන ලදී.
මෙම දර්ශනය විද්‍යුත් හා සමාජ මාධ්‍ය තුළ ඉහළ කතා බහට ලක්වී ඇති අතරල මහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිකරගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment