රැෆෙල්ලාගේ පිංතූරයක් යළි ජාත්‍යන්තරයට

231

මහත්තයාත් සම්මානයකට නිර්දේශ වෙලා….

රැෆෙල්ලා ප්‍රනාන්දු කියන්නෙ තෙවැනි ඇසින් දේශීය වශයෙන් වගේම ජාත්‍යන්තරයත් ජයගත් ඡායාරූප ශිල්පිනියක්. ඇයගේ  කැමරා කෝණයන්වල විශිෂ්ඨත්වය අද තෙවැනි වරටත් ජාත්‍යන්තරයේ අගැයීමට ලක්වෙලා. මේ ජයග්‍රහණයන් අතර රැෆෙල්ලා තවත් වැඩකට අතගහල. තවමත් බොහෝ දෙනකුට රහසක් වුණත් ඇය ඒ ගැන මේ විදිහට තොරතුරු හෙළි කළා.

රැෆෙල්ලා පසුගිය දවසක ජාත්‍යන්තර සම්මාන උළෙලකට ඉදිරිපත් වුණා?
ඔව් මේ සම්මාන උළෙල ඡායාරූප ශිල්පීන් වෙනුවෙන් පැවැත්වෙන ජාත්‍යන්තර තලයේ සම්මාන උළෙලක්. මේක නම් කරල තියෙන්නෙ ‘ඉන්ටර්නැෂනල් ෆොටෝග්‍රැපි එවෝඩ්ස්. (IPA Awords)  කියල. මේ තරගයට රටවල් එකසිය හතළිහක් පමණ සභාගිවෙනව. ඒ අතරින් එන්ටී්‍රෆ් දහහතර දහසකින් තමයි එයාල ෂෝට් ක්ලිප් කරන්නෙ. විනර්ස්ල” ඔෆීෂියල් සිලෙක්ෂන් වගේ දේවල් කොටස් වලට කඩල තියෙන්නෙ. ප්‍රධාන සම්මාන දහතුනක් තියෙනව. මේ වෙලාවෙ සචිනි අයේන්ද්‍රව විශේෂයෙන්ම මතක්කරන්න ඕන. ඇයගේ බලකිරීම මත සහ දිරිගැන්වීම මත තමයි මම මේ තරගයට ඉදිරිපත් වෙන්නෙ.

රැෆෙල්ලාගේ පිංතූරයක් යළි ජාත්‍යන්තරයට

ඔබ ඉදිරිපත් වෙන්නෙ මොන ඛාණ්ඩය යටතේද?
මම මේ උත්සවයට සහභාගි  වෙන්නෙ පළවෙනි වතාවට. ෆයින් ආර්ට් සහ පෝට්රේට් කියක කැටගරි එක යටතේ තමයි මම ෆොටෝ එකක් සබ්මිත් කළේ. මගේ මුල්ම අත්දැකීම නිසා ටෙස්ට් එකකටත් එක්ක වගේ එක පිංතූරයයි දැම්මෙ. ඒ පිංතූරයට මට අයි පී ඒ ඔෆීෂියල් සිලෙක්ෂන් ජූරි එවෝර්ඩ් එක ලැබෙනව.

ඔබ මේ සම්මානය ගන්න යනවද?
ඔව් ඇත්තටම එහෙම අදහසක් තියෙනව. මොකද මට ලබන මාසයේ තවත් වැඩකට නිව්යෝක් වලට යන්න අවශ්‍යතාවක් තියෙනව. ඒ අතරතුර සම්මාන උලෙලටත් යනව කියන අදහස තියෙනව. මේ වන විට මට සම්මාන දහතුනක් ලැබිල තියෙනව. නමුත් ජාත්‍යන්තර සම්මානයක් ගිහිල්ල ගන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ.

කවදද උත්සවය පැවැත්වෙන්නෙ?
ඔක්තෝබර් මාසෙ 25 වැනිදා නිව්යෝක් නුවර කානේෂි ශාලාවේ තමයි උත්සවය පැවැත් වෙන්නෙ.

ඔබ මින් පෙරත් ජාත්‍යන්තර සම්මාන ලබා තියෙනව?
ඔව් මේ මගේ තුන් වැනි ජාත්‍යන්තර අගැයීම. මුලින්ම ලන්ඩන් වලින් ගෝල්ඩන් එවෝර්ඩ්ස් දෙකක් ලැබිල තියෙනව. එකක් වර්ල්ඩ් රෑන්ක් එකේ එකක්. ඒ වගේම 2017 වසරේ නිව්යෝක් ෆැෂන් එවෝර්ඩ්ස් එකේ ෆයිනලිස්ට් කෙනෙක් විදිහට හිටිය. නමුත් එවෝර්ඩ් එකක් ලැබුණෙ නැහැ.

මේ දවස්වල මොකද වෙන්නෙ?
මගේ කැලැන්ඩරයේ වැඩ ටික මේ මාසය අවසානයේ පටන්ගන්නව. කාස්ට් එක ෆයිනල් කරල කන්සෙප්ට් සූදානම් කරල ලබන අවුරුද්දෙ ජනවාරිවල ඒ කටයුතු අවසන් කරන්න සූදානමින් ඉන්නව.

රැෆෙල්ලාගේ පිංතූරයක් යළි ජාත්‍යන්තරයට

ආර් එෆ් සී සී 2022 ලැබුණු ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම හිතාගන්නත් බැරි තරම් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණ. මට මේ සම්මානය ලැබෙන්නෙත් ආර් එෆ් සී සී එකට කරපු ධනූ ඉන්නාසිතම්බිගේ පිංතූරයකට. මම නිතරම බලන්නෙ මේ අවුරුද්දට වඩා ඊළඟ අවුරුද්දෙ හොඳට කැලැන්ඩර් එක කරන්න. මොකද හැම අවුරුද්දෙම ෆොටෝග්‍රැපි ටේ‍රන්ඩ් වෙනව. අපි ඒ විදිහට අප්ඩේට් වුණේ නැත්නම් පිටරටවලට පිංතූර අරගෙන යන්න බැරිවෙනව. එයාලට දැනෙන්න ඕන අපිත් එයාල එක්ක කරට කර ඉන්නව කියල.

රැෆෙල්ලාට ජාත්‍යන්තරය අභියෝගයක් නෙමෙයිද?
මම එහෙම කියන්නෙ නැහැ. නමුත් ඒක මට ලොකු හීනයක්. මම ලංකාවෙ වැඩ කරන්න කැමති කෙනෙක්. පිටරටවල ගිහින් කොච්චර වැඩ කළත් මම නැවත ලංකාවට එනවමයි. නමුත් අපිට එහෙන් හොඳ දෙයක් ගේන්න පුළුවන්නම් ඒක වටිනව. ජාත්‍යන්තරයට ගිහින් එන වතාවක් ගානෙ මටම දැනෙනව මම අලුත් වෙලා කියල. මොකද අපිට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනව. එ දේවල් මට මෙහේ කෙනෙකුටත් කියල දෙන්න පුළුවන්.

චිත්‍රපටයේ වැඩකටයුතු කොහොමද?
චිත්‍රපටයේ වැඩකටයුතු පටන්ගත්තත් ප්‍රවාහන ගැටලුව නිසා අපි ලොකු අපහසුතාවකට පත් වුණා. මේ හේතුව නිසාම ටික කාලෙකට ඒ කටයුතු නතර කරන්න සිදු වුණා. නමුත් මේ කාලය කාලය ඇතුළත චිත්‍රපටය සම්බන්ධයෙන් අපිට තවත් අලුත් අදහස් ආව. මේ නිසා හිතුවටත් වඩා හොඳ වැඩක් කරගන්න පුළුවන් වෙයි කියල හිතනව.

රැෆෙල්ලාගේ අධ්‍යක්‍ෂණයට ලක්වෙන නළු නිළි පිරිස කවුද?
ඒක තවම කියන්න විදිහක් නැහැ. නමුත් බොහොම ඉක්මණින්ම කියන්න බලාපොරොත්තු වෙනව. ක්‍ෂේත්‍රයේ කිහිප දෙනෙක් හැරෙන්න බොහෝ දෙනෙක් දන්නෙ නැහැ මම අධ්‍යක්‍ෂණයට යොමුවෙලා කියල.

ඔබත් එක්ක වැඩ කරන්න බොහෝ දෙනෙක් කැමති ඇති?
කිහිප දෙනෙක් කිව්ව ඔයා වැඩක් කරනව නම් අපි ගොඩක් කැමතියි ඔයත් එක්ක වැඩ කරන්න” මෙහේ ක්‍රියේටිව් වැඩ වෙන්නෙ නෑ කියල. එහෙම දෙයක් වෙනව නම් අපි ගොඩක් කැමතියි කියල. ඒ වගේම සමහර අය මම මේ වැඩේ කරගෙන යන මුල් කාලෙ ෆ්‍රී ඔෆ් චාර්ජ් සහයෝගය දක්වන්නම් කියලත් කිව්ව. ඒ අයට ඕන අපේ සිනමාව වැටිල තියෙන තැනින් නැගිට්ටවන්න. හරියට දෙයක් කරනව නම් කෙනෙක් ඒ කෙනාට ක්‍ෂේත්‍රයෙනුත් සහයෝගය ලැබෙනව.

ඡායාරූපකරණ වැඩකටයුතු?
රටේ ප්‍රශ්න ඇතිවෙලා තිබුණ කාලෙ අපේ වැඩකටයුතු ඔක්කොම වගේ කල් ගියා. නමුත් දැන් ටිකෙන් ටික  යථාතත්වයට පත්වෙමින් යන නිසා අපිටත් වැඩකරගෙන යන්න පුළුවන් වෙලා තියෙනව.

සැමියාගෙන් ලැබෙන සහයෝගය?
ඇත්තටම ඔහුගෙන් ලැබෙන  සහයෝගය ඉතා ඉහළයි. අපි දෙන්නව පුද්ගලිකව දන්න අය ඒ ගැන දන්නව. මගේ තාත්තගෙන් මට ලැබුණ සහයෝගය  අද මට ඔහුගෙන් ලැබෙනව. මම දුවල පැනල වැඩකරනවට” ඒ කරන දේවල්වලින් තෘප්තිමත් වෙනවට එයා හරි කැමතියි. ඔහු වැනි සැමියෙක් ලබන්න මම ලොකු පිනක් කරල ඇති.

ඔබේ සැමියාත් මේ සම්මාන උළෙල නියෝජනය කරනව?
ඔහුත් බෙස්ට් එඩිටර් ඔෆ් ද ඉයර් සම්මානයට නිර්දේශ වෙලා ඉන්නෙ. නමුත් තවම අවසන් ප්‍රතිපලය ලැබිල නැහැ. ඔහු මටත් වඩා ජාත්‍යන්තරය සමග වැඩකරන කෙනෙක්. මට වඩා අත්දැකීම් බහුලයි. ඔහුටත් සම්මානයක් ලැබෙනව නම් මම ගොඩක් සතුටුයි.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment