රෑට හයර් යන්නේ බලාගෙන-පොලිසියෙන් අවවාද

751

රාත්‍රී කාලයේ දී මගීන් රැගෙන යෑමේ දී ත්‍රීරෝද රථ රියදුරන් විමසිලිමත්ව කටයුතු කළ යුතු බව පොලීසිය කියයි.

මගීන් ලෙස ත්‍රීරෝද රථයට ගොඩවෙන පුද්ගලයින් ඇතැම් විට අපරාධකරුවන් විය හැකි බව හෙතෙම පැවසීය.

අනුරාධපුර ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රීයේ ත්‍රීරෝද රථයකට ගොඩ වී ඇති පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම ත්‍රීරෝද රථය මංකොල්ලකා පළා ගොස් ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

යම් ස්ථානයකට රැගෙන යන ලෙස ත්‍රීරෝද රථ රියදුරුට පවසා එම ස්ථානයට යන අතරමඟ දී මෙලෙස ත්‍රීරෝද රථය මංකොල්ලකා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment