රෑ හොර ගිවිසුම්… ගෑස් මගඩි… ආණ්ඩුවේ සායම හේදිලා: මහජන මන්ත‍්‍රණ සභාවේ දෙවන සැසිය

246

යුගදනවි ගිවිසුම ආණ්ඩුව ලැබූ ජන වරමට පටහැනියි – විමල් වීරවංශ

යුගදනවි බලාගාර ගිවිසුම ආණ්ඩුව ලැබූ මහජන වරමට පටහැනි බව ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ මහතා පැවසීය.

එල්. එන්. ජී. සැපයුම් ඒකාධිකාරිය ඇමරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ආණ්ඩුව නියෝජනය කරන පක්‍ෂ දහයක් එකතුව ඇහැළියගොඩදී

පැවැත්වූ මහජන මන්ත‍්‍රණ සභාවේ දෙවැනි සැසිවාරය අරඹමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

විමල් වීරවංශ මහතා මෙසේද කියා සිටියේය.

යුගදනවි ගනුදෙනුව ආණ්ඩුවේ විනිවිදභාවය හා ජීවන වියදම මෙවර තේමාව විය.

ආණ්ඩුව ඇතුලේ ඉන්න පක්‍ෂ එකොළහක අපි ආණ්ඩුව ඇතුලේ ඉඳගෙන කරන කාර්යය දිහා බලලා ඒකෙන් සමරවිට ලේ ගමනා ගමනය වැඩි කරගත්තු ඇතැමුන් මේ පෙන්වන්න හදන්නෙ මේ කරන්නෙ රඟපෑමක් කියලා. දේශපාලනය රඟපෑමක් හැටියට කරපු අයට එහෙම කියන්න පුළුවන්. ඒක සාධාරණයි.

කැබිනට් මණ්ඩලයේ දී ගත්ත තීරණයක් නොවෙයි කියලා ඇමැතිවරු තුන්දෙනෙක් උසාවියට ගිහින් කියන එක ඇමැතිවරු තුන්දෙනෙක් නීතිඥයෙක් උසාවියට යවලා ගත්තා කියන කැබිනට් තීරණයක් ගත්තේ නෑ කියන එකත් රඟපෑමක්. එහෙම මෙච්චර කල් කිසිම ඇමැතිවරයෙක් කරලා නෑ.

ගෙනාපු අමාත්‍ය මණ්ඩල පති‍්‍රකාව දැක්ක නැති හන්දා කියවන්න ලැබුණේ නැති නිසා තමයි අපි එහෙම කළේ. ඒක රඟපෑමක්ද මහා සාකච්ඡුාවකින් අනුමත වුණා කියලා කියන හින්ද එහෙම තමා අපි ඒ වගේ කැබිනට් මණ්ඩලයකට යන්න ඕනේ ඇඳුම් උනලා.

ලංකාවේ බලාගාරවලට ඒ සමාගම කියන ආකාරයට සදාකාලයට එල්.එන්.ජී. දෙන්න යනව නම් ඒක මහජන මතයට පටහැනියි. මේක ඇතුලේ ඉඳගෙන ඇමැති මණ්ඩලයේ ඉඳගෙන වරදට එරෙහිව හැමෝටම හඬ නගන්න බෑ. ජනවරම ගොඩ නගන්න කටයුතු කරපු අයට වෙනස් දේවල් හිතෙනවා ඇති.

පූජ්‍ය අතුරලියේ රතන හිමි,

විදුලිය සියයට හතළිස් පහක් ගෑස් වලින් නිපදවීමේ ගිවිසුම ගැන ඇමැතිවරු තුන්දෙනාම දන්නෙ නෑ. එහෙම කැබිනට් පති‍්‍රකාවක් සම්මත වුණාද කියලත් දන්නෙ නෑ. බලශක්ති ඇමැතිවරයා දන්නෙත් නෑ. මුදල් අමාත්‍යාංශය මේ වගේ ගිවිසුමක් අත්සන් කළාද කියලා දන්නෙ නෑ. ජනාධිපතිතුමනි, ඔබතුමාගේ අවංකභාවය ඇති. ආණ්ඩුවේ පැය විසිහතරෙන් ගරුත්වය විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටෙනවා. ආණ්ඩුවේ සායම හේදිලා ගිහින්. ඇයි හොර ගිවිසුම් අත්සන් කරන්නේ. ගෑස් ගිවිසුමෙන් හොඳට සම්මත එක එනවා. මේ එක ව්‍යාපෘතියකින් ලැබෙන කප්පම විතරක් විශාලයි. ගෑස් තෙල් බිස්නස් එක කියන්නෙ මාෆියාවක්. හැම තත්පරේම සල්ලි ගලනවා. රෑ ඇයි හොර ගිවිසුමක් අත්සන් කළේ. වසර දහයකට නොලැබුණ සල්ලි ප‍්‍රමාණයක් මේවායින් ගලනවා.

අතුරලියේ රතන හිමි, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, දයාසිරි ජයසේකර, මහාචාර්ය තිස්ස විතාරණ, විශේෂඥ වෛi ඩබ්ලිව්. වීරසිංහ, ටිරාන් අලස්, ඒ. එල්. එම්. අතාවුල්ලා, අසංග නවරත්න, ගෙවිඳු කුමාරතුංග යන ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂවල නායකයන් ද මෙම මන්ත‍්‍රණ සභාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment