රෑ 12 ට රහසිගතව මෙවැන්නක් කළේ ඇයි

269

රටේ ජාතික සම්පත් සමග ගනුදෙනු කිරීමේදී විනිවිදභාවයෙන් රජය කටයුතු කළ යුතු නමුත් එල්එන්ජී බලාගාරය ඇමරිකානු සමාගමකට රෑ 12.00 ට අත්සන් කර පවරා දුන්නේ කුමන අවශ්‍යතාවක් සඳහා දැයි එක්සත් ජාතික පක්‍ෂ උපනායක හිටපු ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

පසුගිය රජය එම්සීසී, එට්කා වැනි ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කරන බවත් එම ගිවිසුම් අහෝසි කර රටේ ජාතික සම්පත් ආරක්‍ෂා කර ගැනීමට කටයුතු කරන බවත් ප‍්‍රකාශ කර බලයට පැමිණි වත්මන් ආණ්ඩුව හොර රහසේම ජාතික සම්පත් රාති‍්‍ර කාලයේම විකුණා දැමීමට කටයුතු කරමින් සිටින බවද ඒ මහතා කීය. හැටනම ලක්‍ෂයක ජනවරමක් ගෙන බලයට පැමිණි රජය රටේ ජාතික සම්පත් සමග ගනුදෙනු කිරීමේදී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය, පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කර ගැනීම වැනි කි‍්‍රයාදාමයන් තුළින් ගිවිසුම්වලට යා යුතු වුවත් හොර රහසේම ගිවිසුම් අත්සන් කරන්නේ එහි හොරයක් තිබීම නිසා විය හැකි බවද කාරියවසම් මහතා කීය.

බොරු පොරොන්දු දී බලයට පැමිණි රජය ජාතික සම්පත් කුණු කොල්ලයට විකිණීමට කටයුතු කිරීම හෙළා දකින බවත් එය මැඩපැවැත්වීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගැනීමට එක්සත් ජාතික පක්‍ෂය කටයුතු කරන බවත් කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment