රිදියගම සෆාරි උදා්‍යානයේදී  සතුන් මරා මසට විකුණනවා

284

පහර කෑමට ලක්වූ පශු වෛද්‍ය ප‍්‍රියසාද් කියයි

හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානය තුළදී වල් ඌරන් සහ මුවන් වැනි සතුන් ඝාතනය කරන බව එම උද්‍යානයේ පශු වෛi නිලධාරී ප‍්‍රියසාද් එදිරිවර්ණ මහතා ‘දිවයින’ ට පැවසීය.

එහි සේවකයන් පිරිසක්ද එයට සම්බන්ධ බව හෙතෙම පවසයි. එම උද්‍යානයේ සේවකයන් පිරිසකගේ පහරකෑමට ලක්වීම පිළිබඳව කළ විමසීමේදී පශු වෛi එදිරිවර්ණ මහතා එසේ කියා සිටියේය. නිවැරදිව සේවය කරන සේවකයන් බහුතරයක් සතුන් ඝාතනය කිරීම පිළිබඳව කළකිරීමෙන් පසුවන බව පැවසූ ඒ මහතා තමන් තවදුරටත් සේවයේ නිරතවීම අවිනිශ්චිත තත්ත්වයට පත්ව ඇතැයිද කීය. ඇතැම් සේවකයන් රිදියගම සෆාරි උද්‍යානය තුළට පිටතින් කුරුල්ලන්, දියකාවන්, සර්පයින් වැනි සතුන් රැුගෙන විත් අමානුෂික ලෙස සිරකරගෙන සිටින බව ද මේ හේතුවෙන් ඇතැම් සතුන් මිය යන බවද හෙතෙම පැවසීය.

විවිධ උපක‍්‍රම යොදා වල් ඌරන්, මුවන් වැනි සතුන් මරා එම මාංශ, බාහිර පුද්ගලයන්ට අලෙවි කරන බව පැවසූ ඒ මහතා, සතුන්ට ආහාර සැපයම සිදුකරන පෝෂක අංශය විසින් සිදුකරන සොරකම් පිළිබඳවද තමන් ඉදිරියේදී මාධ්‍යවේදීන් හමුවේ හෙළිදරව් කිරීමට සූදානම් බව ද කියා සිටියේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා සහ පින්සිරි ආරියරත්න – රත්මලාන
 

advertistmentadvertistment
advertistmentadvertistment