රිදියගම සෆාරි දොස්තරට පහරදීමට එරෙහිව සත්ත්වෝද්‍යාන පශු වෛද්‍යවරු ඊයේ සිට ලෙඩින්

274

රිදියගම සෆාරි උද්‍යානයේ කඩාකප්පල්කාරී සේවකයන් පිරිසක් විසින් එම උද්‍යානයේ සේවය කරන පශු වෛද්‍ය පි‍්‍රයසාද් එදිරිවර්ණ මහතාට පහර දී තුවාල සිදුකිරීම හේතුවෙන් එම සෆාරි උද්‍යානය ඇතුළු ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලූ පශු වෛද්‍යවරුන් ඊයේ (24 දා) සිට අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයෙන් ඉවත් වී තිබේ.

ඒ අනුව දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ රිදියගම සෆාරි උද්‍යානයේ, පින්නවල අලි අනාථාගාරයේ, පින්නවල සත්ත්වෝද්‍යානයේ සේවයේ නියුතු සියලූම පශු වෛද්‍යවරුන් මෙලෙස අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයෙන් ඉවත්වී ඇතැයි රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය එච්. එච්. ඒ. එස්. පියසිරි මහතා ‘දිවයින’ට ඊයේ පැවසීය.

මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය.

වෛද්‍ය පි‍්‍රයසාද් මහතාට පහරදුන් අය පොලිසිය තාමත් අත්අඩංගුවට ගෙන නැහැ. අද (24 දා) අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා හමුවුණා. පහර දීමට සම්බන්ධ අයට දඬුවම් කරන බවට ඔහු පොරොන්දු වුණා.

මේ සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව හොරු සහ කලහකාරීන් තමයි පාලනය කරන්නේ. පශු වෛද්‍යවරුන් මේ හොරු ටිකට එකතු වෙන්නෙ නැති නිසයි මේ පහරදීම් කරන්නේ. මේවා ගැන ඇමැතිතුමා, ලේකම්තුමා සොයා බැලිය යුතුයි. මේ හොරු ටිකට ඕන ඕන විදිහට පරිපාලනය ගෙනි යන්නයි මේ හදන්නේ. ඒවට ඉඩදෙන්න එපා කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිිටිනවා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment