රිදී තිරය කැළඹෙයි: ‘වියසිදුර’ හරහා ‘උතුරු සුළඟ’ හමායයි

440

අන්තර්ජාතික සම්මාන උළෙලයන් රැසක් නියෝජනය කරමින් සම්මාන රැසකට සහ ඇගයීමට පාත්‍රවූ, ප්‍රභාත් අගම්පොඩිගේ කුළුඳුල් සිනමා නිර්මාණය ‘වියසිදුරු’ මාර්තු 23 වන දින සිට දිවයින පුරා සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය ආරම්භ කර ඇත.

පශ්චාත් නූතනවාදී සිනමා ශානරයට අයත් මෙම සිනමා පටයේ කතා තේමාව ගෙතී ඇත්තේ, පෙම්වතුන් යුවළක් මුහුණ දෙන අහඹු සිදුවීමකින් අනතුරුව ඔවුනට මුහුණ පෑමට සිදුවන අතිශය සංකීර්ණ වූ සිදුවීම් පෙළක් වටායි. මෙහි රංගනයෙන් කලණ ගුණසේකර, ශලනි තාරකා, ලක්ෂ්මන් මෙන්ඩිස්, ධර්මප්‍රිය ඩයස්, තුමිඳු දොඩන්තැන්න, චතුර ප්‍රභාත්, සංජීව දිසානායක, ක්‍රිෂාන් මධුසංක ඇතුළු පිරිසක් දායකව ඇත. සුසන්ත මහගල්ගමුව කැමරා අධ්‍යක්ෂණයෙන්ද, ලක්ෂිත සංකල්ප අංග රචනයෙන්ද, වර්ණ සංයෝජනයෙන් ආනන්ද බණ්ඩාර, සංගීත අධ්‍යක්ෂණයෙන් මිලින්ද තෙන්නකෝන්, සහය අධ්‍යක්ෂණයෙන් ගයන්ත දිසානායක සම්බන්ධ වී ඇති ‘වියසිදුරු’ කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී ඩිප්ලෝමා පාඨමාලාවේ විද්‍යාර්ථීන්ගේ ඉදිරිපත් කිරීමක් ලෙසින් එළිදක්වා ඇත.

———————————————–

ප්‍රවීණ ටෙලි නාට්‍ය නිර්මාණ ශිල්පී සහ ජනමාධ්‍යවේදී චාමර ජනරාජ් පීරිස් තිරපිටපත ලියමින් අධ්‍යක්ෂණය කළ කුළුඳුල් සිනමා වෘත්තාන්තය ‘උතුරු සුළඟ’ සිනමා පටය, එල්. එෆ්.ඩී. සිනමා මණ්ඩලයේ බෙදාහැරීමක් ලෙසින් අද (24) සිට දිවයින පුරා සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය කෙරේ. දශක තුනකට අධික කුරිරු යුද්ධයේ අමිහිරි මතකයන් සිත් මතින් ඈතට පාවෙමින් සිටින වර්තමානයේ, උතුරු පළාතේ එක් මායිම් ගම්මානයක්ව තිබූ ලස්සන ගැමි පරිසරයක සිදුවන සිදුවීම් පෙළක් වටා මෙහි කතා තේමාව නිර්මාණය වී ඇත.

රිදී තිරය කැළඹෙයි: 'වියසිදුර' හරහා 'උතුරු සුළඟ' හමායයි

තිරයට හඳුන්වා දෙන කාවින්ද්‍යා දුල්ෂානි සහ එරංග ජීවන්ත සමඟින් ශ්‍රියන්ත මෙන්ඩිස්, සනත් ගුණතිලක, දිල්හානි අශෝකමාලා, මීනා කුමාරි, බිමල් ජයකොඩි, සුජානි මේනකා, රෝහණ බැද්දගේ, ගාමිණි ජයලත් ඇතූළු රංගන ශිල්පීන් විශාල පිරිසක් මේ සඳහා දායකත්වය දක්වා ඇත. කපිල සුගත් විජේරත්න කැමරා අධ්‍යක්ෂණයෙන්ද

සුදේශ් කුමාරසිංහ සංස්කරණයෙන් ද, අරුණ ශාන්ත ජයසූරිය අංග රචනයෙන්ද, සටන් අධ්‍යක්ෂණයෙන් වසන්ත කුමාරවිල, ශබ්ද පරිපාලනයෙන් ඩිරාන් විජේසිංහ, ජානක ෆොන්සේකා සංගීත අධ්‍යක්ෂණයෙන් ද, උරේෂා රවිහාරි, දුමාල් වර්ණකුලසූරිය හා ෆැලන් ඇන්ඩි්‍රයා ගීත ගායනයෙන්ද එක්වූ උතුරු සුළඟ, පික්ස් ඇන්ඩ් වර්ඩස් වෙනුවෙන් රසිත ජිනසේන, කපිල නවරත්න, එම්. එච්. එම්. ශානි සහ චාමර ජනරාජ්ගේ සම නිෂ්පාදනයකි.

● ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment