රිදී පදක්කමක් දිනන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නැහැ – පාලිත බණ්ඩාර

263

තරගාවලියට ආවෙ ඇත්තටම ලොකු බලාපොරොත්තුවකින්. පදක්කමක් දිනා ගැනීමේ බලාපොරොත්තුවක් තිබුණා. එහෙත් සිතුවේ නැහැ රිදී පදක්කමක් ලබාගැනීමට පුළුවන් වෙයි කියලා. පළමු වතාවට පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියකින් පැරා ඉසව්වකින් ලංකාවට පදක්කමක් ලබාදීමට හැකි වීම
ගැන මං ගොඩක් සතුටු වෙනවා.

මං මාස හයක් පමණ මේ සඳහා එක දිගට පුහුණුවීම් කළා. ගෙදර ප්‍රශ්නත්, ගෙදරත් අමතක කරලා පුහුණුවීම් කළා. පුහුණුකරු ප්‍රභාත් ධනුෂ්ක පෙරේරා මහතාගෙන් මෙම තරගාවලිය පිළිබඳව ගොඩක් උපදෙස් ලැබුණා. ඊට අමතරව ශ්‍රී ලංකා යුද හමුදාවෙන් සහ ජාතික ආරක්‍ෂක බලමුළුවෙන් මට හොඳ සහයෝගයක් ලැබුණා. පැරා ඔලිම්පික් කමිටුවෙන් ද ලොකු සහයෝගයක් ලැබුණා. ඒ හැමෝටම ස්තුතියි.

advertistmentadvertistment
advertistmentadvertistment