රිදී සීනු සමග උදයකාන්ත වෙනසකට මුල පුරයි

342

උදයකාන්ත වර්ණසූරිය ළමා ලෝකය තේමා කරගෙන සිනමා නිර්මාණ කළ අධ්‍යක්ෂකවරයකු නොවේ. ඔහු මෙතෙක් කළ සියලූම නිර්මාණවලට පසුබිම් වූයේ වැඩිහිටියන් ඉලක්ක කරගත් කතා තේමාය. එය වෙනසකට ලක්කරමින් උදයකාන්ත මෙවර ළමා ලෝකය ඔබින කතා තේමාවක් ඔස්සේ සිනමා නිර්මාණයකට සූදානම් වේ. ඔහුගේ මෙම නවතම සිනමාපටයේ නම ‘‘රිදී සීනූ’’ ය. පවුලක ළමුන් දෙදෙනෙකුගේ සිත්හි පහළවන යහපත් සංකල්පයක් සමාජ ගත කිරීම මූලික කරගෙන තැනෙන, අධ්‍යාපන වටිනාකමකින් යුතු මෙම විනෝදාත්මක චිත‍්‍රපටයට රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, උපේක්ෂා ස්වර්ණමාලි, ශ්‍යාම් ප‍්‍රනාන්දු, රොජර් සෙනෙවිරත්න, ශී‍්‍රමාල් වෙඩිසිංහ, නිශ්ශංක දිද්දෙනිය, ශිරන්ත පේ‍්‍රමවර්ධන, කුමාර ව`දුරැුස්ස, ජයනාත් බණ්ඩාර, ජානක හාල්පන්දෙණිය ඇතුළු ප‍්‍රවීණ රංගන ශිල්පීන් රැුසක් සමග චාහෙල් රගීත්, සෙලීනා ටුවින්කි යන ළමා නළු නිළියන් රංගන දායකත්වය සපයති.

කැමරාකරණයෙන් නිශාන්ත ප‍්‍රදීප් කුමාර ද, සංගීත අධ්‍යක්‍ෂණයෙන් උදාර සමරවීර ද, කලා අධ්‍යක්‍ෂණයෙන් ඇහැලියගොඩ සෝමතිලක ද, අංග රචනයෙන් සංජය නිපුනආරච්චි ද, සහාය අධ්‍යක්‍ෂණයෙන් ඩොනල්ඞ් ජයන්ත ද, නිෂ්පාදන කළමනාකරණයෙන් අසෝක ආරියරත්න ද එක්වන මෙම සිනමාපටය සිසිලන් ෆිල්ම්ස් වෙනුවෙන් නිශාන් හේවා ගමගේ සමග උදයකාන්ත වර්ණසූරිය නිෂ්පාදනය කරති.

advertistmentadvertistment
advertistmentadvertistment