රිමාන්ඞ් එකේ ඉන්න රිෂාඞ් ෆෑන් එකක් ඉල්ලයි

181

බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් මහතා තමන් ර`දවා සිටින සිර කුටියට විදුලි පංකාවක් ලබා දෙන ලෙස ඉල්ලා මැගසින්  බන්ධනාගාරයේ ප‍්‍රධානීන්ට ලිපියක් යොමු කර ඇත.

තමා රඳවා ඇති සිර කුටිය අධික රස්නයෙන් යුතු නිසා සෞඛ්‍ය හේතූන් මත විදුලි පංකාවක් ලබා දීමට කටයුතු කරන ලෙස ඔහු එම ලිපියෙන් ඉල්ලා තිබේ.

මැගසින් බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවන් ස`දහා වෙන් කෙරුණු වාට්ටුවක පිහිටි වෙන්වූ සිර කුටියක මේ වන විට බදියුදීන් මහතා රදවා සිටී.

බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ බදියුදීන් මහතාට සෞඛ්‍ය හේතූන් මත විදුලි පංකාවක් ලබා දෙන ලෙසින් මේ දක්වා බන්ධනාගාර වෛද්‍යවරුන් කිසිදු නිර්දේශයක් කර නොමැති බවකි. බන්ධනාගාරගතව සිටියදී විනය විරෝධීව හැසිරෙන රැුඳවියන්ට පහසුකම් ලබා දීමක් ද සිදු නොවේ. බන්ධනාගාර වෛද්‍යවරයකුට තර්ජනය කිරීම සහ සිර කුටියේ දී ජංගම දුරකථනයක් භාවිත කිරීම යන චෝදනා සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදීන් මහතා මේ වන විට බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් හමුවට ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment