රිමාන්ඩ් එකේ ෆෝන් පාවිච්චි කළ ධානිෂ් අලී දින 14 ක් හිරේ

130

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධානිෂ් අලී නව මැගසින් බන්ධනාගාරයේදී ජංගම දුරකථනයක් භාවිතා කිරීමේ චෝදනාව මත දින 14 ක සිරදඬුවමක් නියම කර ඇත.

බන්ධනාගාර නීතිරීතිවලට පටහැනිව තහනම් කර තිබෙන ජංගම දුරකථන භාවිතා කිරීමේ වරදට අනුව බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත. ඒ අනුව සැකකරු කොළඹ අතිරේක දිසා විනිසුරුවරයා හමුවේ වරද පිළිගැනීමෙන් පසු දින 14 ක සිරදඬුවමකට ලක් කර වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment