රියදුරුගෙන් ගිලිහුණු කන්ටේනරය වාහන 2ක් යට කරගෙන පාලමෙන් පහළට පෙරළිලා

220

රත්නපුර කැටන්දොල ප‍්‍රදේශයේදී කන්ටේනර් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් කැටන්දොල පාලමෙන් පහළට පෙරළී ඇති අතර කන්ටේනර් රථය ගැටීමෙන් මෝටර් රථයක් සහ යතුරු පැදියක්ද අනතුරට ලක්විය.

මෝටර් රථ රියදුරු සහ යතුරුපැදිකරු ද අනතුරට ලක්වූ අතර ඔවුන් දෙදෙනා සහ කන්ටේනර් රථයේ රියදුරු රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. ඊයේ උදෑසන අටට පමණ කොළඹ බදුල්ල ප‍්‍රධාන මාර්ගයේ රත්නපුර නගරය ආසන්නයේ කැටන්දොලදී මෙම අනතුර සිදුවී ඇතැයි රත්නපුර පොලිසිය පවසයි. මෝටර් රථයට සහ යතුරු පැදියටද හානි සිදු වී ඇත.

රියදුරුගෙන් ගිලිහුණු කන්ටේනරය වාහන 2ක්  යට කරගෙන පාලමෙන් පහළට පෙරළිලා

රත්නපුර දෙස සිට පැල්මඩුල්ල දෙසට ධාවනය කළ කන්ටේනර් රථය පාලනය කර ගැනීමට නොහැකිව කැටන්දොල පාලමෙන් පහළට පෙරළී ගොස් තිබේ. අඩි විස්සක පමණ ප‍්‍රපාතයකට කන්ටේනර් රථය පෙරළී ගොස් තිබුණි. රත්නපුර නගරයට නුදුරු මෙම ස්ථානය වසර ගණනක සිට මාර්ග ප‍්‍රතිසංස්කරණය කරමින් තිබූ ස්ථානයකි. තුවාල ලද තිදෙනාගේ තත්ත්වය බරපතළ නොවෙන බව පොලිසිය පවසයි.

කහවත්ත සමරවීර නිරෝෂණ, රත්නපුර අසිත ඉන්දික වීරවර්ධන
 

advertistmentadvertistment
advertistmentadvertistment