රියැදුරන්ගේ කාමර පොරෙන් දුම්රිය ගමන් වාර 10 ක් නවති

146

රියැදුරන්ගේ නවාතැන් ගැනීමේ කාමරයක් සම්බන්ධයෙන් මතු වූ ගැටලුවක් හේතුවෙන් දුම්රිය රියැදුරන් පිරිසක් රාජකාරියෙන් ඉවත් වීම නිසා ඊයේ (15දා) පෙරවරුවේ දුම්රිය ගමන් වාර 10ක් පමණ අවලංගු වී ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුවේ කොළඹ බඩු ගබඩා සංකීර්ණ කාර්යාලයේ එක් කාමරයක් තාවකාලික පදනම මත රියැදුරුන්ගේ නවාතැන් ගැනීමේ කාමරයක් ලෙස ලබා දී ඇති අතර ඒ පිළිබඳව මතු වූ ගැටලුවක් හේතුවෙන් ඊයේ උදෑසන සිට රියැදුරෝ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළහ.

ඒ අනුව ඊයේ ධාවනය කිරීමට නියමිතව තිබූ එස්-09, එස්-10 සහ එස්-12 බලවේග දුම්රිය කට්ටල ධාවනයෙන් ඉවත් වීමට එම රියැදුරු සංගමය කටයුතු කිරීමත් සමඟ උදෑසන කොළඹ කොටුව සිට ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය කිහිපයක් අවලංගු විය. එම දුම්රිය අවලංගු වීම හේතුවෙන් කාර්යාල බලා ගමන් කිරීමට බලාපොරොත්තු වූ මගීහු විශාල පිරිසක් දැඩි අපහසුතාවට ලක් වූහ. කෙසේ වෙතත් ඊයේ දහවල් 1.00 පමණ වන විට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කළ බව දුම්රිය රියැදුරු සංගමය නිවේදනය කළේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment