රියැදුරන් තෙල් පෝලිම්වල  දුක් විඳිද්දී සීසර්ලා  ත්‍රිරෝද රථ උස්සනවා

108

ජාතික ත්‍රිරෝද රථ  සම්මේලනයේ සභාපති

ඇතැම් ත්‍රිරෝද වෘත්තිකයන්ට ලීසිං ආයතනවලින් තර්ජන ගර්ජන එල්ල වෙමින් තිබෙන බවත් වෘත්තියේ නියැළීමට දැඩි දුෂ්කරතා පවතින මොහොතක ලීසිං ආයතනවල සීසර්වරුන් විසින් ත්‍රිරෝද රථ බලෙන් රැගෙන ගොස් ඇති බවත් ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති මහින්ද කුමාර මහතා “දිවයින”ට ඊයේ (29 වැනිදා) පැවසීය.

ඉන්ධන අර්බුදය හමුවේ කුලී ගමනක්වක් යා ගතනොහැකිව අන්ත අසරණ වී සිටින වෘත්කිකයන්ගේ ත්‍රිරෝද රථ බලහත්කාරයෙන් පැහැරගෙන යෑම ඉතා අසාධාරණ බව ද ඒ මහතා කියා සිටියේය.

එසේම පවතින තත්ත්වය හමුවේ වෘත්තියේ යෙදෙන ත්‍රිරෝද රථ සියයට 50ක්ම ඉන්ධන පෝලිම්වල තිබෙන බවත් ඉතිරි සියයට 50 ඉන්ධන නොමැතිව නිවෙස්වල බවත් හෙතෙම කීය.

ආණ්ඩුව දැන්වත් වෘත්තියේ යෙදෙන ත්‍රිරෝද රථවලට ප්‍රමුඛතාව ලබාදෙමින් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකා ඉන්ධන ලබා දිය යුතු බවත්, ඉදිරි දින කීපය ඇතුළත එසේ ලබා නොදෙන්නේ නම් සමස්ත ත්‍රිරෝද වෘත්තිකයන් ලක්‍ෂ 9කට අධික පිරිස කොළඹට කැඳවා දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment