රියැදුරාගේ ගණදෙවි නුවණින්  ප‍්‍රපාතයට ගිය බසය බේරා ගත්තත් සිසුන් 23 කට හා ගුරුවරයකුට තුවාල

1046

හ/කටුවන ජාතික පාසලේ සිසුන් හා ගුරුවරු පිරිසක් ඉකුත් 17දා පොහෝ දින පරිසර භට අධ්‍යයන චාරිකාවක් ගොස් ආපසු එමින් සිටියදී බස් රථය අනතුරකට ලක්ව සිසුන් 23 දෙනෙක්, ගුරුවරු 2ක් හා රියැදුරු තුවාල ලබා කිරම, වලස්මුල්ල රෝහල්වලට ඇතුළත් කොට බරපතළ තුවාල සහිත ගුරුවරියක් සහ සිසුවකු එවේලේම කරාපිටිය හා මාතර මහ රෝහල් වෙත මාරුකර යවන ලදී.

ඉකුත් පොහෝ දින කටුවන ජාතික පාසලේ සිසුන් 35 දෙනෙකු හා ගුරුවරියන් 2 කු පාසලට ලබාදී තිබූ ජනසුවය බස්රථයෙන් දෙයියන්දර අරණ්‍යයට ගොස් සන්ධ්‍යා කාලයේ ආපසු එමින් සිටියදී හඳුගල තේ කම්හල ආසන්න බෑවුම් මාර්ගයේදී බස්රථය කාර්මික දෝෂයකට ලක් වී ඇත. රියැදුරු බසය ප‍්‍රපාතයට යා නොදී අනෙක් පැත්තේ ඉවුරකට හේත්තු කර ඇත. එවිට අනතුර සිදුව ඇත.

සිද්ධිය සැල වූ වහාම වලස්මුල්ල පොලිසියේ ස්ථානාධිපති පො.ප. ලලිත් රාජමන්ත‍්‍රී මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උ. පො. ප. මුණසිංහ මහතා ඇතුළු නිලධාරීන් එම ස්ථානයට ගොස් ප‍්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් තුවාලකරුවන් රෝහල් ගත කරන ලදී. සිද්ධිය පිළිබඳව වලස්මුල්ල පොලිසිය පරීක්‍ෂණ පවත්වති.

වලස්මුල්ල – කෝට්ටගේ

advertistmentadvertistment
advertistmentadvertistment