රියැදුරුගේ ගණදෙවි නුවණින් ප‍්‍රපාතයට ගිය බසය බේරා ගනී – ධාවනය වන බසයේ තිරිංග අක‍්‍රීයවෙලා

308

හෙම්මාතගම ගම්පොළ මාර්ගයේ ගමන් කරමින් සිටි බස් රථයක තිරිංග අක‍්‍රීය වීම හේතුවෙන් අඹගහ වංගුව අසලදී මාර්ගයෙන් ඉවතට පැන ප‍්‍රපාතයේ තිබූ ගසක වැදී නැවතී ඇති ආකාරය පෙරේදා (26 දා) සවස දක්නට ලැබුණි.

රත්නපුර ප‍්‍රදේශයේ සිට චාරිකාවක් පැමිණි පිරිසක්  ගම්පොළ හෙම්මාතගම මාර්ගයේ හෙම්මාතගම දෙසට පෙරේදා සවස ගමන් කරමින් සිටියදී හදිසියේ තිරිංග අක‍්‍රීය වී ඇත. රියැදුරු බසය පාලනය කර ගැනීමට උත්සාහ ගත්තත්, තිරිංග අක‍්‍රීය වීම නිසා බසය මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂිත ඇඳිවැටත් කඩාගෙන අධික බෑවුම් සහිත ප‍්‍රපාතය දෙසට ඇදීගියත් රියදුරු ප‍්‍රපාතයේ ඇති ගසක බසය වැදීමට සලස්වා ජීවිත 60 කට ආසන්න ප‍්‍රමාණයක් බේරාගෙන ඇති බව පැවසේ.

ප‍්‍රදේශවාසීන් හා හෙම්මාතගම පොලිසිය එක්ව බස් රථයේ ගමන් ගත් සියලූම මගීන් බලත්ගමුව ප‍්‍රදේශයේ බස්රථයක් මගින් රත්නපුරයේ සිය ගම්මානය බලා පිටත්කර යවා ඇති අතර අනතුරට පත් බස් රථය ප‍්‍රපාතය දෙසට එල්ලී තිබූ බැවින් දොඹකර දෙකක් යොදා ගනිමින් ඔසවා මාර්ගය මතට රාත‍්‍රීයේදීම ගැනීමට කටයුතු කර ඇත.

රොහාන් සී. පේ‍්‍රමතිලක – හෙම්මාතගම, අරණායක
 

advertistmentadvertistment
advertistmentadvertistment