රිය අනතුරට අත්අඩංගුවට ගත් ටෙලි නිළි උපේක්‍ෂාට පොලිස් ඇප

387

කටුගස්තොට ප‍්‍රදේශයේදී තම මෝටර් රථය තරුණයකු පැදවූ යතුරුපැදියක ගැටීමෙන් සිදුවුණු රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනප‍්‍රිය සිනමා හා ටෙලි නාට්‍ය ශිල්පිනී උපේක්‍ෂා ස්වර්ණමාලී මහත්මිය කටුගස්තොට පොලිසිය මගින් ඊයේ (26) පොලිස් ඇප මත මුදාහරිනු ලැබුවාය.

උපේක්‍ෂා ස්වර්ණමාලි මහත්මිය පැදවූ මෝටර් රථය ගැටීමෙන් අනතුරට පත් යතුරුපැදිය පැදවූ තරුණයාගේ තත්ත්වය බරපතළ නොවූ බව සැලකිල්ලට ගනිමින් පොලිස් ඇප මත සැකකාරිය මුදාහළ බව කටුගස්තොට පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප‍්‍ර. පො. ප. සේනානායක මහතා පැවසීය.

එහෙත් පරීක්‍ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන බවත් ප‍්‍ර’ පො’ ප’ සේනානායක මහතා පැවසීය.

උපේක්‍ෂා ස්වර්ණමාලි මහත්මිය ධාවනය කළ මෝටර් රථයට පෙරේදා (25දා) රාත‍්‍රියේ කටුගස්තොට දී 18 හැවිරිදි තරුණයකු ගැටී තුවාල ලබා පේරාදෙණිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මහනුවර කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ යටිවාවල ප‍්‍රදේශයේදී (හාරිස්පත්තුව ප‍්‍රාදේශීය සභා ගොඩනැ`ගිල්ල ආසන්නයේදී* මෝටර් රථය සහ යතුරුපැදිය ගැටී ඇති බව කටුගස්තොට පොලිසිය පවසයි’

මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ 18 හැවිරිදි ඒ’ කේ’ සමි`දු බණ්ඩාර නමැති තරුණයෙකි.

සිරිල් විමලසුරේන්ද්‍ර” සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment