රිය අනතුරු හා දියේ ගිලීමෙන් දවස් දෙකට මරණ 35 ක්

424

2021 දෙසැම්බර් 31 වැනිදා සිට 2022 ජනවාරි 01 දා දක්වා වූ දින දෙක තුළ දිවයිනේ සිදුවූ මාරක රිය අනතුරු සහ දියේ ගිලීම් හේතුවෙන් මරණ 36 ක් සිදුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා ‘දිවයින’ට පැවැසීය.

මෙම අනතුරු බොහෝමයකටම හේතුව නොසැලකිලිමත්කම බවද හෙතෙම කීය.

ජනවාරි 01 වැනිදා පමණක් සිදුවූ මාරක රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 18 දෙනකු මියගොස් ඇතැයිද හේ සඳහන් කළේය.

එම රිය අනතුරුවලින් සිදුවූ මරණ හෝමාගම, මීගමුව, මුල්ලියාවේලී, පෑලියගොඩ, වවුනියාව, පින්නවල, හබරණ, හබරාදුව ඇතුළු තවත් ප‍්‍රදේශවලින් වාර්තා වන බවද හෙතෙම කියා සිටියේය.

31 වැනිදා සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 6 දෙනකු මියගොස් තිබූ බවත් අනතුරු නිසා සිදුවූ එම මරණ හලාවත, පේරාදෙණිය, කටුගස්තොට, කරදියනාරු, බියගම, හොරණ යනාදී ප‍්‍රදේශවලින් වාර්තා වන බවත් හෙතෙම කීය.

මීට අමතරව ඊයේ (2 දා* උදේ බණ්ඩාරගමදී සිදුවූ රිය අනතුරෙන් දෙදෙනකු මියගොස් ඇත.

දියේ ගිලීම්වලින් කාන්තාවන් තිදෙනකු හා පිරිමි පුද්ගලයන් හත් දෙනකු මියගොස් ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

දුන්ගාල්පිටිය මුහුදු තීරයේ නැංගුරම් තොටුපලේ 01දා මුහුදේ නෑමට ගිය දෙදෙනකු මුහුදේ ගිලී මියගොස් ඇති අතර තවත් අයෙකු අතුරුදන් වී ඇති බව දුන්ගාල්පිටිය පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ කැපුන්ගොඩ ගම්මානයේ පදිංචිව සිටි ආර්. කේ. මලිදු කවිෂ්ක ප‍්‍රනාන්දු (17* සහ ජා-ඇල පදිංචි ඩබ්ලිව්. කසුන් ධනුශ්ක කෞශල්‍ය (23* නමැත්තන්ය. අතුරුදන්වී ඇත්තේ ගාල්ලේ පදිංචිකරුවකු වන වසන්ත කුමාර මුරලිදන් (23* නමැත්තෙකි.

නැංගුරම් තොටුපොලේ දියනෑමට සුදුසු නොවන ස්ථානයක් නිසා දුන්ගාල්පිටිය පොලිසිය බොහෝ විට එහි ගොස් අවවාද කර නෑමෙහි සිටි පිරිස් ඉවත් කරයි. මෙම ස්ථානයට දියනෑම සඳහා බොහෝ පිරිස් පැමිණේ. මෙහි විමර්ශන කටයුතු දුන්ගාල් පොලිසියේ උපපොලිස් පරීක්‍ෂක ජයරත්න මහතා විසින් සිදු කරනු ලබයි.

හෝමාගම හයිලෙවල් මාර්ගයේ මාකුඹුර ප‍්‍රදේශයේදී 01 වැනිදා දහවල් ලොරි රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවකු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ බිංගිරිය පනාවැව ප‍්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි අයෙකි.

ත‍්‍රිකුණාලය හබරණ මාර්ගයේ ගල්වංගුව ප‍්‍රදේශයේදී 01 වැනිදා දහවල් මෝටර් රථයක් හා බස් රථයක් ගැටී සිදුවූ අනතුරකින් මෝටර් රථයේ රියැදුරු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ මහරගම විද්‍යාසේකර මාවතේ පදිංචිව සිටි 27 හැවිරිදි අයෙකි.

පින්නවල හේන්යාය ප‍්‍රදේශයේදී යතුරුපැදියක් කඳු සහිත ප‍්‍රදේශයක ගමන් කරමින් තිබියදී යතුරුපැදිය පිටුපස ගමන් කළ 10 හැවිරිදි කුඩා පිරිමි ළමයකු බිමට වැටී මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ පින්නවල අස්වැද්දුම ප‍්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි.

හබරා¥ව ගාල්ල මාතර මාර්ගයේ අයිනේ ගමන්ගත් පුද්ගලයකු 01 වැනිදා රාත‍්‍රියේ හඳුනා නොගත් වාහනයක හැපී මියගොස් තිබේ.

දෙණියාය පල්ලෙගම ප‍්‍රදේශයේ පිහිටි සත්මාල ඇල්ලෙහි පළවෙනිදා දිය නෑමට ගිය ගිංතොට ප‍්‍රදේශයේ සිට පැමිණි එකම පවුලේ පිරිසක් අතරින් පියා (48* හා පුතා (16* දියේ ගිලී මියගොස් ඇත.

පුදිකුඩිඉරිප්පු කේපාපිලව් මාර්ගයේදී ටිපර් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී 01 වැනිදා සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු හා පසුපැදිකරු මියගොස් ඇත.

මීගමු ප‍්‍රදේශයේදී ත‍්‍රිරෝද රථයක් හා පාපැදියක් 01 වැනිදා රාත‍්‍රියේ ගැටී සිදුවූ අනතුරකින් මීගමුව පදිංචිව සිටි 36 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් ඇත.

වව්නියා පොලිස් වසමේ යාපනය මහනුවර මාර්ගයේ තාණ්ඩිකුලම ප‍්‍රදේශයේදී 01 වැනිදා රාත‍්‍රි ත‍්‍රිරෝද රථයක් හා පාපැදියක් ගැටී සිදුවූ අනතුරකින් වව්නියාව තෝනික්කල් පදිංචිව සිටි 35 හැවිරිදි අයෙකු මියගොස් තිබේ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා, මීගමුව – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment