රිවෝල්වරයක් සහ කඩු හතරක් ළඟ තිබුණු මිනුවන්ගොඩ කපුවා කපෝති

534

මිනුවන්ගොඩ, අස්සැන්නවත්ත ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන කපුවකු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සහ තියුණු කඩු හතරක් සමග එම සැකකරුව අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය පවසයි.

මෙරට නිෂ්පාදිත රිවෝල්වරය නයින් එම්.එම්. වර්ගයේ උණ්ඩ යෙදිය හැකි එකක් බව පොලිසිය පවසයි. අත්අඩංගුවට පත් සැකකරු කලක් ත්‍රීවිල් අලුත්වැඩියා කිරීමේ ගරාජයක් පවත්වාගෙන ගිය අයෙකි. රිවෝල්වරය සැකකරු සන්තකයේ තිබියදී සහ තියුණු කඩු දේවාලය තුළ සඟවා තිබියදී අත්අඩංගුවට ගෙන තිබේ. 44 වැනි වියේ පසුවන සැකකරු මෙරට නිෂ්පාදිත රිවෝල්වරය සහ තියුණු කඩු සන්තකයේ තබාගෙන අපරාධ සිදු කර ඇත්තේද යන්න සහ අපරාධ සිදු කිරීමට සැලසුම් කරමින් සිටියේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව වැටලීම් සිදු කළ එම නිලධාරීහු පැවසූහ. බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ස.පො.අ. ජානක කුමාර, ස්ථානාධිපති ප්‍ර.පො.ප. පදුමසිරි යන නිලධාරීන්ගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් වන ජයසේකර සහ සාලිය පතිරාජසුරිය, සැරයන් මංජුල (4129) කොස්තාපල්වරුන් වන අමිල (73380), වීරසිංහ(82362), මනෝජ් (82728) සහ සුභසිංහ (21221) යන නිලධාරීන් පිරිස වැඩිදුර පරීක්ෂණ සිදු කරති. සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment