රිෂාඞ්ගේ ගෙදර තවත් අභිරහස් කාන්තා මරණ දෙකක් – කළුවර කාමරයේ සිටි දැරිය එළිය ලබාගෙන ඇත්තේ කඩදාසි පත්තු කරලා

1592

හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි තරුණියන් දෙදෙනකු අභිරහස් අන්දමින් මියයෑමේ සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.
 
 මින් එක් තරුණියක දුම්රියට පැන අභිරහස් අන්දමින් සියදිවි හානිකරගෙන තිබූ අතර අනික් තරුණිය මියගොස් ඇත්තේ හදිසියේ රෝගාබාධයකට ලක්වීමෙන් අනතුරුව බව විමර්ශන වලින් හෙළිවී තිබේ.
 
 එමෙන්ම ආසන්න සිද්ධිය වන රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට යොදවා සිටි 16 හැවිරිදි බාලවයස්කාර දැරිය ගිනිතබාගෙන සියදිවි හානිකර ගත්තාද එසේත් නැත්නම් ඇයට ගිනි තබා ඝාතනය කළේද යන්න සොයා පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
 
 දැරියට ගිනි තබාගෙන සියදිවි හානිකර ගැනීමට තරම් විශේෂ හේතුවක් මේ වනතුරු අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.
 
 අවශ්‍ය වුවහොත් භූමදාන කළ දැරියගේ සිරුර නැවත ගොඩගෙන එය පූර්ණ විමර්ශනයකට ලක්කිරීමට කටයුතු කරන බවද උසස් පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.
 
 මේ අතර රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සී අභිරහස් අන්දමින් මියගිය දැරියට වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ කිසිදු වැටුප් මුදලක් ලබා නොදී තිබූ බවද අනාවරණය වී ඇත.
 
 මෙම දැරියගේ මාසික වැටුප් මුදල් ලෙස ලැබිය යුතු සියලූ මුදල් ලබාගෙන ඇත්තේ ඇය මෙහෙකාර සේවය සඳහා රැුගෙන ආ ශංකර් නමැති තැරැුව්කරුවා විසින් බව පොලිසිය හෙළිකරගෙන තිබේ.
 
 ශංකර් නමැත්තාට අයත් ආගරපතන ප‍්‍රදේශයේ බැංකුවක තිබූ ගිණුමක් මේවනවිට පොලිසිය විසින් සොයාගෙන ඇති අතර එම බැංකු ගිණුමට මාසිකව රිෂාඞ් බදියුදීන්ගේ නිවසින් මුදල් බැරවී ඇති බවද හෙළිව තිබේ.
 
 මේවන විට හෙළිවී ඇති තොරතුරුවලට අනුව මෙම දැරියගේ මව ශංකර් නමැත්තාගෙන් රුපියල් තිස්දහසක මුදලක් ණයට ලබාගෙන ඇත. එම ණය මුදල් ගෙවා ගැනීමට නොහැකි වූ තැන ඇය සිය 15 හැවිරිදි දියණිය මෙහෙකාර සේවය සඳහා මස 2 ක කාලයකට ලබාදී තිබිණි.
 
 ශංකර් මෙම දැරිය හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිවසට රැුගෙනවිත් ඇත්තේ ඉන් පසුවය.
 
 එතැන් පටන් මෙම දැරිය මියයන තුරුම මෙම නිවසේ මෙහෙකාර සේවය සඳහා යොදවා ඇති අතර ඇය කෲර වධහිංසාවන්ට සහ ලිංගික අතවරයන්ට ලක්ව ඇති බව පොලිසිය හෙළිකර ගෙන තිබේ.
 
 ඇතැම් අවස්ථාවලදී මෙම දැරිය කොසු කැඩෙනතුරු පහරකෑම් වලට පවා ලක්ව තිබූ බව අනාවරණය වී ඇත.
 
 මේ අතර දැරිය පිළිස්සී මියගොස් සිටි ස්ථානයේ තිබූ භූමිතෙල් බෝතලයක් සහ ලයිටරයක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන්ද පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.
 
 දැරියගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් සහ තවත් තරුණියක් ¥ෂණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රිෂාඞ් බදියුදීන්ගේ බිරිඳ, මාමණ්ඩිය තැරැුව්කරු සහ මස්සිනා අළුත්කඬේ මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත පෙරේදා (24 වැනිදා* ඉදිරිපත්කළ අතර ඔවුන් පැය 48 ක් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට මහෙස්ත‍්‍රාත්වරයා පොලිසියට අවසර ලබාදී තිබිණි.
 
 එමෙන්ම මෙම සැකකරුවන් සිව්දෙනා අද දින (26 වැනිදා* අළුත්කඬේ මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
 
 රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි දැරිය පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මේවනවිට පුද්ගලයන් 30 දෙනකුගෙන් ප‍්‍රකාශ ලබාගෙන ඇත.
 
 මේ අතර රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවය සඳහා යොදවා සිටියදී විවිධ හිංසනයන්ට ලක්වූ තරුණියන් සහ දැරියන් 11 දෙනකු පිළිබඳව ලැබී ඇති තොරතුරු මත ඒ සම්බන්ධයෙන්ද පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.
 
 මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වීම සඳහා ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක වරුණි බෝගහවත්ත මහත්මිය පත්කර ඇත.
 
 මේ අතර බොරැුල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක දුමින්ද බාලසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක්ද මෙම සිද්ධීන් සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක් පවත්වාගෙන යයි.
 
 අධිකරණයෙන් රැුඳවුම් නියෝග ලැබූ රිෂාඞ් බදියුදීන්ගේ බිරිඳ කිරුලපන පොලිසියේ රඳවාගෙන ප‍්‍රශ්න කරගෙන යන අතර අනෙක් සැකකරුවන් තිදෙනා බොරැුල්ල පොලිසියේ තබාගෙන ප‍්‍රශ්න කරගෙන යන බව පොලිස් ආරංචි මාර්ග පැවැසීය.
 
 මේ අතර මෙම දැරිය රාත‍්‍රි කාලයේ රඳවා සිටින අඩි 6 ක් දිග අඩි 4 ක් පළල කළුවර කාමරය පොලිසිය විසින් දැඩි පරීක්‍ෂාවට ලක්කර තිබිණි. එම කාමරය නිවසින් පිටත වෙනම ස්ථානයක පිහිටා තිබෙන අතර එය සුනඛයකුටවත් වාසය කිරීමට නොහැකි තත්ත්වයේ පවතින එකක් බව පොලිසිය පවසයි.
 
 එම කාමරයේ විදුලි පහන් නොතිබූ අතර රාත‍්‍රි කාලයේදී අවශ්‍යතාවක් ඇති වුවහොත් දැරිය ආලෝකය ලබාගෙන ඇත්තේ කඩදාසි කැබලි වලට ගිනි තබාගෙන බවද විමර්ශනවලින් හෙළිවී ඇත.
 
 මෙම දැරියට මේ ආකාරයට ඉතාම සාහසික අන්දමින් සලකා ඇති බව පොලිසිය පවසයි.
 
 බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් පහක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන පවත්වාගෙන යති.

advertistmentadvertistment
advertistmentadvertistment