රිෂාඞ්ගේ නිවසට දැරිය රැගෙන ආ පුද්ගලයාගෙන් පොලිසිය ප‍්‍රශ්න කරයි

421

හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි තබාගෙන අබිරහස් අන්දමින් මියගිය 16 හැවිරිදි දැරිය මෙහෙකාර සේවයට රැුගෙන ආ පුද්ගලයාගෙන් පොලිසිය දීර්ඝ ලෙස ඊයේ (19දා* ප‍්‍රශ්න කර ඇත.

මෙම පුද්ගයාගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කිරීමටද කටයුතු කරන බවද මෙම දැරියගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අධිකරණය වෙත භාරදීමට කටයුතු කළ බවද පොලිසිය පැවැසීය.

සියදිවි හානිකරගත් දැරිය ලිංගික අපහරණයට ලක්වී ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පැවැසීය.

දැරිය අතවරයට ලක්වීම සම්බන්ධයෙන් මේවන විට පුද්ගලයන් දස දෙනකුගෙන් පමණ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබාගෙන ඇති බවද පොලිසිය පවසයි.

රිෂාඞ් බදුර්දීන්ගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි දැරිය භූමිතෙල් වත්කරගෙන සිය සිරුරට ගිනිතබාගෙන සියදිවි හානිකරගෙන තිබිණි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment