රිෂාඞ්ගේ බිරිඳගේ හා මාමණ්ඩියගේ ඇප ඉල්ලීම් තුන්වැනි වතාවටත් ඉවතට

438

සිය නිවසේ සේවය කළ ජූඞ් කුමාර් ඉෂාලිනී නමැති මෙහෙකාර දැරිය කෲරත්වයට හා වධහිංසාවට පත්කිරීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුයුදීන් මහතාගේ බිරිඳ සහ ඇගේ පියා වෙනුවෙන් කළ ඇප ඉල්ලීම් කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (30 දා) තුන්වැනි වතාවටත් ප‍්‍රතික්‍ෂේප කළාය.

බන්ධනාගාරය තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සිය සේවා දායකයන්ගේ ජීවිත දැඩි අවදානමට ලක්වී ඇති බැවින් දෙවියන්ගේ නාමයෙන් ඔවුන් ඇපමත මුදාහරින ලෙස තමා ඉල්ලා සිටින්නේ යැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මියගිය දැරියට නිවසේදී සිදුවූ හානිය දන්නේ දෙවියන් පමණක් බවට ප‍්‍රකාශ කළ සැකකරුවන්ටම දෙවියන්ගේ නාමයෙන් ඇප ලබා දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටීමට සිදුවීම දෛවෝපගත සිද්ධියක් බවත් කොරෝනා තත්ත්වය හමුවේ අධිකරණ කටයුතු සීමාකර තිබියදී එම රෝග තත්ත්වය පාදක කරගනිමින් විවිධ අධිකරණ හමුවේ ඇප ඉල්ලා සිටීමෙන් සැකකරුවන් අධිකරණය අපයෝජනයට ලක්කිරීමට උත්සාහ දරන්නේ යැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment