රිෂාඞ්ට එරෙහි විමර්ශනවල ප‍්‍රගතිය උසාවියෙන් ඉල්ලයි

422

මැගසින් බන්ධනාගාර රෝහලේ සේවය කරන 60 හැවිරිදි වෛද්‍යවරයකුට බැනවැදී මරණීය තර්ජන කිරීම හා සාපරාධී බිය ගැන්වීම යන චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව සිදුකරන විමර්ශනවල ප‍්‍රගතිය තම අධිකරණයට වාර්තාකරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (23 දා) කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළාය.

එකී විමර්ශන සඳහා අවශ්‍ය ප‍්‍රකාශ ලබා ගැනීමට එම වෛද්‍යවරයා සමග එම අවස්ථාවේදී රැුඳී සිටි රැුඳවියාව හෙට (25 දා) අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය බන්ධනාගාර කොමසාරිස්වරයාට නියෝග කළාය.

රිෂාඞ් බදුර්දීන් මහතා විසින් පසුගිය 15 වැනිදා වෛද්‍ය පි‍්‍රයංග ඉඳුනිල් පුපුදේවත්ත නමැති වෛද්‍යවරයාට තර්ජනය කර තිබිණි. ඒ සම්බන්ධයෙන් ලැබුණ පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කළ බව ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට පෙන්වා දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment