රිෂාඞ්ට එරෙහි විමර්ශන අවසන් කර නඩුවේ සැකකරුවකු කරන්නේ දැයි අධිකරණයට දැනුම් දෙන්න

101

* කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් සීසඩියට නියෝග කරයි

* වෛද්‍යවරයකුට බැන තර්ජනය කිරීම

බන්ධනාගාර රෝහලේ සේවය කරන වෛද්‍යවරයකුට බැන වැදී මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව සිදුකරන විමර්ශන අවසන් කර ඔහු එම නඩුවේ සැකකරුවකු ලෙස නම් කරන්නේ දැයි අධිකරණයට දැනුම්දෙන ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් රජින්‍ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (19දා) කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළාය.

එම නඩුව ඊයේ (19ද) විවෘත අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී රිෂාඞ් බදුර්දීන් මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත්කර ඇති බී වාර්තාවල පිටපත් තමන්ට ලබාදෙන ලෙස රිෂාඞ් බදුර්දීන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රුෂ්ඩි හබීබ් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. විමර්ශනයට අදාළව ප‍්‍රකාශ ලබාගැනීමට නියමිත රැුඳවියන්ගේ නම් එම වාර්තාවල සඳහන් කර ඇති බවත් වෙනත් පාර්ශ්වයකට එකී පිටපත් ලබාදීමෙන් එකී රැුඳවියන්ට තර්ජන එල්ල කිරීමේ අවදානම පවතින බවත් පෙන්වා දෙමින් විමර්ශන නිලධාරීන් දැක්වූ විරෝධතාවය පිළිගත් අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළාය.

එම නඩුව ලබන මාර්තු 23 වැනිදා යළි කැඳවීමට දින නියම කළ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එදිනට විමර්ශනවල ප‍්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසට නියෝග කළාය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment