රිෂාඩ්ගේ කුටියෙන් දුරකථනයක් එළියට

135

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන්් මහතා භාවිතා කළ බව කියන ජංගම දුරකථනයක් ඊයේ (02 දා* වැලිකඩ බන්ධනාගාරයේ ප‍්‍රධාන ජේලර්වරයා විසින් රැුඳවුම් කුටියේ එළියේ තිබියදී අත්අඩංගුවට ගෙන ඇතැයි බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.

රිෂාඞ් බදුර්දීන් මහතා රඳවා සිටි සිරමැදිරිය අසලට ප‍්‍රධාන ජේලර්වරයා ගමන් කරමින් සිටියදී බදුර්දීන් මහතා ජංගම දුරකථනය භාවිතා කරමින් සිට ප‍්‍රධාන ජේලර්වරයා දැකීමත් සමග එම දුරකථනය සිරකුටියෙන් ඉවතට විසිකර ඇතැයි ද ඒකනායක මහතා කීය.

අනතුරුව ප‍්‍රධාන ජේලර්වරයා දුරකථනය සිය භාරයට ගෙන රාජකාරියේ යෙදී සිටි ජේලර්වරයා දැනුවත් කර වැඩිදුර විමර්ශන සඳහා ජංගම දුරකථනය බන්ධනාගාර බුද්ධි අංශය වෙත භාරදී ඇත.

රිෂාඞ් මන්තී‍්‍රවරයා බන්ධනාගාරය තුළ ජංගම දුරකථනය භාවිත කිරීමට එරෙහිව බන්ධනාගාර ආඥා පනතට අනුව දිසා අධිකරණ විනිශ්චකාරවරයකුගේ ප‍්‍රධානත්වයෙන් පත් කරන බන්ධනාගාර විනිශ්චය සභාවක් හමුවට ඔහු පැමිණවීමට කටයුතු කරන බව ද ඒකනායක මහතා කීය. මීට පෙර මෙවැනි වැරදි සම්බන්ධයෙන් චෝදනා ලබා වරදකරුවන් වූ අයට මාස හයක අමතර සිරදඬුවම්, අමුත්තන්ට බැලීමේ අවස්ථා අහිමි කිරීම වැනි දේ සිදු කර තිබෙන බවත් අවසන් තීරණය බන්ධනාගාර විනිශ්ච සභාවේ විනිශ්චයකාරතුමා විසින් ගත යුතු බවත් ඒ මහතා කීය.

බන්ධනාගාරය තුළදී වෛiවරයකුට මරණීය තර්ජන එල්ල කිරීම, රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ රිෂාඞ් බදුයුදීන් මහතා මීට පෙරද බන්ධනාගාර විනිශ්චය සභාවක් හමුවට ඉදිරිපත් කිරීමට නිර්දේශ වී ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment