රිෂාඩ්ගේ නිවසේ වැඩට සිටි දැරිය මියගියේ කොහොමද? මරණය සැකයි: දූෂණය කරලා

358

සුළු පියා විසින් අමන ලෙස මුදලට අලෙවි කළ පහළොස් හැවිරිදි දැරියක මුදල් ගෙවා වරින් වර කෙළෙසමින් වට වන්දනාවක ගිය ඉහළ පෙළේ උන්ද ඇතුළු කුපාඩි රැලක් පිළිබ`ද හිරිකිත කතාවක් ඉකුත් දිනවල මෙරට සමාජයේ ප‍්‍රබල මාතෘකාවක් බවට තිබිණි. එහි උණුසුම තවම මැකී ගොස් නැත. එහෙත් ඒ අප ඇසුවේ එවන් ආකාරයේ අවසන් වලත්ත කතාවද? නැත. දැන් මුළු සමාජයම කම්පනයට පත් කරන අන්දමේ තවත් එවැනි කතාවක් රට ඉදිරියට පැමිණ ඇත.
 
 එහි කතා නායිකාව බවට පත්ව සිටින්නී හැටන් ඩයගම බටහිර කොටසේ පදිංචිව සිටි අවුරුදු දහසයකුත් මාස එකොළහක් වයසැති ඉෂාලිනී ජූඞ් කුමාර් නම් අහිංසකාවියකි.
 
 පාස්කු ප‍්‍රහාරයේ සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදියුදීන්ගේ සුවිසල් නිවසේ ළාබාල මෙහෙකාරියක ලෙස ඉෂාලිනී කොළඹට පැමිණ ඇත්තේ වයස අවුරුදු පහළොවකුත් මාස කිහිපයක් ගෙවෙමින් තිබියදීය. එකී වයස් සීමාව යනු නව යොවුන් වියේ එළිපත්තට පිවිසි දැරියකගේ ජීවිතයේ, නුහුරු හැ`ගුම් පිරි සිතට අපමණ සො`දුරු බවක් ගෙන දෙන කෙළිලොල් කාලය වන්නේය. එහෙත් එකී කෙළිලොල් සො`දුරු බව වෙනුවට වයස අවුරුදු පහළොවේදී මේ රටේ පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරයකු මෙන්ම වරින් වර ඇමැතිකම් ගණනාවක්ද දැරූ රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ වැඩකාරකමට පැමිණි ඉෂාලිනීට අද අත්වී තිබෙන ඉරණම කුමක් වී තිබේද?
 
 අවුරුදු පහළොවේදී නොඉ`දුල් මල් කැකුලක් ලෙස රිෂාඞ් බදියුදීන්ගේ නිවසට පැමිණි ඉෂාලිනී මේ සටහන තබන මොහොත වන විට වයස අවුරුදු දහසයකුත් මාස එකොළහක තරම් ළාබාල වියේදීම තැලී පොඩිවුණු මුවැත්තියක ලෙස සිය නොඉ`දුල් බවද අහිමිව ජීවිතයෙන් සමුගෙන සිටියාය. ඇය එසේ සිය ජීවිතය හැර ගොස් තිබුණේ ද ලොව භයානකම මරණයක් සේ සැලකෙන ගින්නට පිළිස්සී දින දොළහක් තිස්සේ රෝහල් ඇ`දක තනි වී අපාගත වේදනාවක් වි`දීමෙන් පසුවය.
 
 ඉෂාලිනී නම් වූ මේ අහිංසක ළාබාල දැරියට මෙවන් ඉරණමක් අත්වූයේ කුමක් නිසාද? මේ මොහොතේ ඒ ප‍්‍රශ්නය අප යොමු කරන්නේ බොරැල්ල පොලිසියටය. පොලිසියේ ලොකුම ලොකු මහත්වරුනි, බොරැල්ල පොලිසියෙන් අපට එවන් ප‍්‍රශ්නයක් අසන්නට සිදුව තිබෙන්නේ බොහෝ කතා කියැවෙමින් තිබෙන නිසාය.
 
 රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි පුංචි ඉෂාලිනී දැඩි ලෙස පිළිස්සුම් තුවාල සහිතව ඉකුත් තුන් වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි. එහිදී මුලින්ම කියැවුණේ ඇය සිය දිවි නසා ගන්නට සිරුරට ගිනි තබා ගත්තේ යැයි යන්නය. ඒ සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ මූලික විමර්ශන අනුව ඉෂාලිනී ගිනි තබා ගන්නට යොදා ගත් බව කී භූමිතෙල් බෝතලයක් සහ ලයිටරයක් ද සොයා ගැනීමට බොරැල්ලට පොලිසිය දක්‍ෂ විය. ඒ අතරේ තවත් පැත්කින් කියැවුණේ තමන් විසින්ම සිරුරට ගිනි තබා ගත් බව අසාධ්‍යව රෝහල්ගත කෙරුණු ඉෂාලිනී ප‍්‍රකාශ කළ බවකි. වෛi නිර්දේශ අනුව අනාවරණය වී තිබුණ පරිදි සියයට හැත්තෑපහක් පමණ සිරුර පිළිස්සී ගිය තුවාල සහිතව රෝහල්ගත කෙරුණු ඉෂාලිනී පිළිබ`ද කතාවේ ආරම්භය එසේ සටහන් වෙමින් තිබුණ ද ඒ ආරම්භයේ සිටම අපට මතු වූ බරපතළ ගැටලූ කිහිපයක්ම විය. ඒ අතරින් ප‍්‍රධානම කාරණය වූයේ පුංචි ඉෂාලිනීට සිරුරට ගිනි තබාගෙන සියදිවි නසා ගන්නට තරම් හේතු වූ කාරණාව කුමක්ද යන්නය. ඒ සම්බන්ධයෙන් සොයා බලන්නට අපි වෙහෙසුනෙමු. සෙසු ප‍්‍රශ්න වැලක් අප ඉදිරියට පැමිණුනේ එහිදීය. ඒ අතරින් මුල්ම ගැටලූව මතු කළේ ඉෂාලිනී ගිනි තබා ගන්නට යොදා ගත්තේ යැයි සඳහන් වූ රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ තිබී පොලිසිය සොයා ගත් භූමිතෙල් බෝතලය සහ ලයිටරය ය.
 
 රිෂාඞ් බදියුදීන්ගේ මේ කියන නිවස හැටන් ඩයගම තේවත්තක පිහිටි ලයින් කාමරයක් නොවීය. එය සුවිසල් මන්දිරයකි. එකී නිවසට භූමිතෙල් ගෙන එන්නට නම් එක්කෝ බදියුදීන්ගේ නිවසේ සේවය කරන ඉෂාලිනී ද ඇතුළු මෙහෙකාරියන් දුම් පිඹිමින් දර ලිප්වල අහර පිසිනවා විය යුතුය.
 
 එසේ නොමති නම් පසුගිය කාලයේ රිෂාඞ් බදියුදීන් ඉ`ද හිට නිවසේ රොටියක් පුච්චාගෙන බුදින්නට ලාම්පු තෙල් යොදා දල්වන ලිපක් නිවසට ඩිලිවරි කර තිබුණා විය යුතුය. එහෙත් බදියුදීන්ගේ නිවසේ හැටියට සහ ගෙවන ලද සුපිරි ජීවිතය අනුව එවන් තුන්වැනි පන්තියේ පරිසරයක් එහි තිබුණේද? එය කිසිසේත්ම විය නොහැකිය. එසේ නම් ඉෂාලිනී සිරුරට ගිනි තබා ගන්නට රැගෙන ආ බව කී ලාම්පුතෙල් බෝතලය ඇය විසින් කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි රිෂාඞ්ගේ මන්දිරයේ සිට කිලෝ මීටර් ගණනාවක් ගෙවා ගොස් කඩයකින් රැගෙන ආවා විය යුතුය. අප මෙහිදී කිලෝමීටර් ගණනාවක් යැයි කියන්නේ බෞද්ධාලෝක මාවතේ ඇති පරිසරය අනුව භූමිතෙල් ගන්නට නම් අවම තරමේ බොරැල්ලටවත් පයින් යා යුතු නිසාය.
 
 පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන්ගේ නිවසට දෛනිකව අසල වෙළෙ`ද සලකින් හාල් කිලෝ එකයි, පරිප්පු පන්සියයි, ලාම්පු තෙල් සහ පොල්තෙල් ආදිය ගෙන ඒමද කිසිවිටෙකත් සිදුවිය නොහැක්කකි. එසේම නිවසේ මෙහෙකාරියන් අසල වූ වෙළෙ`ද සල් වෙත ගොස් ඒ නිවසට බඩු ගෙන එනවාද විය නොහැකිය. ඒ අනුව දැන් අප කල්පනා කරන්නට වන්නේ ඉෂාලිනී තනිව ගොස් භූමිතෙල් බෝතලය රැගෙන ආවා යැයි කියාය.
 
 එහෙත් එය සිදුවිය හැකි දෙයක්ද? නිවසේ මුරට ඇමැති ආරක්‍ෂක අංශයේ නිලධාරීන්ද සිටියදී පුංචි ඉෂාලිනී කඩයකින් භූමිතෙල් බෝතලයක් ගෙන ඒමට තනිව ගමන් කිරීම විය හැකි දෙයක්ද? එසේ නම් ගිනි තබා ගන්නට ඇයට භූමිතෙල් බෝතලයක් ලැබුණේ කොහෙන්ද? මෙය ඉෂාලිනී රෝහල්ගත කළ දිනයේදීම බොරැල්ල පොලිසිය විසින් අනාවරණය කරගත යුතු අභිරහසකි. එහෙත් එවැන්නක් සිදු වූයේද?
 
 රහසේ ඉෂාලිනී භූමිතෙල් ගෙන එන්නට නිවසින් බැහැරට ගියේ නම් බදියුදීන්ගේ නිවසේ තිබූ සීසීටීවී කැමරා ඒ මොහොතේ අකි‍්‍රය වී තිබුණේද? එය සිදුවිය නොහැකිය. එහෙත් ඉෂිලිනී ගිනිගෙන දැවී මිය යන තෙක් ගෙවී ගිය දින දොළහක කාලය තුළ බොරැල්ල පොලිසිය එකී සීසීටීවී සාක්‍ෂි ලබා ගැනීමක් සිදු කළේද?
 
 පුංචි ඉෂාලිනීගේ සිරුරට ගිනි ඇවිළෙන්නේ රිෂාඞ් බදියුදීන්ගේ නිවසේදීය. එසේ නම් ඒ මොහොතේ එකී නිවසේ සිටියෝ කවරහුද? ඔවුන්ගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට ඉෂාලිනී මිය යන්නට පෙර ගෙවී ගිය දින දොළහක කාලය තුළ කටයුතු කළේද?
 
 එම නිවසේ සිටියවුන්ට අමතරව පරිබාහිර කිසිවකු හෝ එදින එම නිවසට පැමිණියේද? සීසීටීවී දර්ශන ඔස්සේ ඒ පිළිබ`ද විමර්ශන කිරීමට බොරැල්ල පොලිසියේ මහත්වරු කටයුතු කර තිබේද? අපට දැන ගන්නට තිබෙන පරිදි නම් මේ කිසිවක්ම සිදුව නැත. ඉෂාලිනී දුප්පත් ලයින් කාමරයක ඉපදුණි අහිංසක දැරියකි. රිෂාඞ් බදියුදීන් ඒ වගේද? හේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකි. එසේම පාස්කු ප‍්‍රහාරයේ සැකකරුවෙකි. කෙටියෙන් කිවහොත් එදා ප‍්‍රභාකරන් නෙලනකොට සිලි සිලි මල්ලක ඇඳුම් ටික දමාගෙන පුත්තලමට පැමිණ දේශපාලනඥයකු වී අද කෝටිපතියකු වී සිටින අයෙකි. ඉතින් ඉෂාලිනී කීවායැයි කියන පරිදිම ඇය විසින් ගිනි තබා ගත්තේ නම් මේ සල්ලිකාර දේශපාලනඥයාගේ නිවසේ ඇති වූ සිද්ධිය පිළිබ`ද වැඩි කතා වුවමනා නැතැයි බොරැල්ල පොලිසියට සිතුනාවත්ද?
 
 ඉෂාලිනීගේ මේ අවාසනාවන්ත මරණය හමුවේ අප ඉදිරියට එන තවත් ගැටලූවක් වන්නේ නිවසේ තිබී සොයාගත් බව කියන ලයිටරය ය. ඉෂාලිනී කඬේකට ගොස් භූමිතෙල් සම`ග ගිනි පෙට්ටියක් වෙනුවට ලයිටරයක්ම රැගෙනවිත් සිරුරට ගිනි තබා ගත්තාද? නැතහොත් සිගරට් බොන කිසියම් අමනයෙක් ඒ නිවසේ සිටියාද? එසේ නැතිනම් නිවසට ආවා ගියාද?
 
 මේ දැරියගේ සිරුරට ගිනි ඇවිළී රෝහල්ගත කර අසාධ්‍යව දින දොළහක් මරුවා සම`ග සටන් කරද්දී නිවසේ තිබී හමුවූ බව කියන ලයිටරය පිළිබ`ද එවන් විමර්ශනයක යෙදෙන්නට බොරැල්ල පොලිසිය කටයුතු කළේද? දින දොළහක් තිස්සේ ජීවිතය සම`ග පොරබදා පුංචි ඉෂාලිනී ඉකුත් සිකුරාදා පිරිසිදු බව අහිමි වූ දැරියක ලෙස ජීවිතයෙන් සමුගෙන ගියාය. ඇයගේ සිරුර පිළිබඳ සිදු කෙරුණු පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වූ වැදගත්ම කාරණය වූයේ දීර්ඝ කාලයක සිට ඇය ලිංගික අතවරයට පත්ව තිබෙන බවය. බොරැල්ල පොලිසියේ මහත්වරුනි, හැටන් ඩයගම බටහිර කොටසේ සිටි වයස අවුරුදු පහළොවක් වූ ඉෂාලිනී ජූඞ් කුමාර් නම් වූ මේ පුංචි මල් කැකුළ මෙහෙකාරකමට රිෂාඞ් බදියුදීන්ගේ නිවසට රැගෙන විත් දිගු කලක් තිස්සේ අහවල් අමාරුව හො`ද කර ගන්නට මේ පුංචි මල් කැකුළ අඹුකමට ගෙන වනසා දැමූ ඒ කාලකණ්ණියා මොකාද?
 
 පොලිස්පතිතුමනි, හෙට දවසේ බොරැල්ල පොලිසිය මේ ප‍්‍රශ්නයට පිළිතුරු රට ඉදිරියේ තැබිය යුතුමය. එසේ නොවුණහොත් බදියුදීන්ලාට එකක් ඉෂාලිනීට තවත් එකක් ලෙස මේ රටේ නීති දෙකක් ඇති බව හ`ඩ නගා කියන්නට අපට සිදුවනු ඇත. අප ඒ බව රටට කිවහොත් ආණ්ඩුවට ද ගොඩාක් රිදෙනු ඇත.

– සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment