රිෂාඩ්ට ෆෝන්එක දුන් ජේලර්ට මාරුවක්

139

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මැගසින් බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුර්දීන් මහතාට ජංගම දුරකථන ලබාදුන් බවට හඳුනාගත් ජේලර්වරයා ඊයේ (03 දා* මැගසින් බන්ධනාගාරයේ සිට වව්නියාව බන්ධනාගාරය වෙත මාරු කිරීමට පියවර ගෙන ඇත.

බන්ධනාගාරගතව සිටින රිෂාඞ් බදුර්දීන් මහතා පෙරේදා (02 දා* රාත‍්‍රි ජංගම දුරකථනයක් භාවිතා කරමින් සිටියදී එම අවස්ථාවේ සෝදිසි මෙහෙයුමට පැමිණි බන්ධනාගාර ප‍්‍රධාන ජේලර්වරයා එය දැක ඇත.

ඒ අවස්ථාවේ කළබල වූ රිෂාඞ් බදුර්දීන් ජංගම දුරකථනය රැුඳවුම් කුටියෙන් ඉවතට දමනවාත් සමඟම ප‍්‍රධාන ජේලර්වරයා භාරයට එය ගෙන වැඩිදුර විමර්ශන සඳහා බන්ධනාගාර බුද්ධි අංශය වෙත භාරදීමට පියවර ගත් බව බන්ධනාගාර ප‍්‍රකාශකයෙක් පැවසීය.

ඒ අනුව බුද්ධි අංශ සිදුකළ විමර්ශනවලදී බදුර්දීන් මහතාට ජංගම දුරකථනය අදාළ ජේලර්වරයා ලබා දී ඇති බවට අනාවරණය වීමෙන් පසු ඔහු විනය පරීක්‍ෂණයකට යටත්ව වවුනියාව බන්ධනාගාරයට ස්ථාන මාරුකළ බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment