රිෂාඩ් තර්ජනය කිරීම… වෛද්‍යරයාගේ පැමිණිල්ල ගැන බන්ධනාගාරය සැලකීමක්‌ කර නෑ… විමර්ශන ඇරඹුවේ දින 6 කට පසුව

282

හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා විසින් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකුට මරණීය තර්ජන එල්ල කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී දින හයක් යන තුරුත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් කිසිම ආකාරයක විමර්ශනයක් නොකිරීම සම්බන්ධයෙන් සෙවීමට පොලිසිය වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇත.

මේ තරම් බරපතළ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී තිබියදීත් දින හයක් යනතුරුත් ඒ පිළිබඳව විමර්ශනයක් කිරීමට බන්ධනාගාරය කටයුතු නොකිරීම විමතියට කරුණක් බවද පොලිසිය පවසයි.

හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් වෛද්‍යවරයාට මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධිය යට ගැසීමේ වුවමනාවක් තිබේද යන්න විශාල සැකයක් මතුවී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.

ආරංචි මාර්ග පවසන්නේ බන්ධනාගාරයේ සිටින ඇතැම් නිලධාරීන් රිෂාඞ් බදුර්දීන්ට වාසිසහගත වන ආකාරයට කටයුතු කරමින් මෙම සිද්ධිය යටපත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් තමන්ට ඉතාම පහත් ආකාරයට බැණ වැදී මරණීය තර්ජන එල්ල කළ බව කියමින් මෙම වෛද්‍යවරයා බන්ධනාගාර කොමසාරිස්වරයාට පැමිණිල්ලක් කර තිබුණේ ඉකුත් 15 වැනිදාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් කිසිම ආකාරයක විමර්ශනයක් නොකිරීම නිසා මෙම සිද්ධිය වී දින 6 කට පසු එනම් පසුගිය 21 වැනිදා වෛද්‍යවරයා විසින් මේ පිළිබඳව බොරැල්ල පොලිසිය වෙත පැමිණිලි කර ඇත.

මෙම වෛiවරයාට මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වනනේ ඉන්පසුවය. මෙම සිද්ධිය පිළිබඳව සහකාර බන්ධනාගාර අධිකාරිවරයකු යටතේ විමර්ශනයක් කි‍්‍රයාත්මක කිරීමට වැලිකඩ බන්ධනාගාරය පියවර ගන්නේද පොලිසිය මේ පිළිබඳ විමර්ශන ආරම්භ කිරීමෙන් පසුවය.

සිද්ධියට මුහුණ දුන් වෛද්‍ය පි‍්‍රයංග ඉඳුනිල් පුපුලෙවත්ත මහතා 2021.08.16 දින බන්ධනාගාර රෝහලේ ප‍්‍රධාන වෛi නිලධාරි වෙත කර ඇති ලිඛිත පැමිණිල්ල මෙසේය.

වෛi පි‍්‍රයංග ඉඳුනිල් පුපුලෙවත්ත වන ම හට 2021.08.15 දින පැවරී තිබූ නිල රාජකාරිය මැගසින් බන්ධනාගාරයේ උදය වරුයේ රෝගීන් පරීක්‍ෂා කිරීමයි. එලෙස රෝගීන් පරීක්‍ෂා කරමින් තිබියදී මෙම සිදුවීම ඇතිවිය.

කොවිඞ් වසංගත තත්ත්වය තුළ රෝගීන් පරීක්‍ෂාවේදී යොදා ඇති ක‍්‍රමවේදයට විරුද්ධව යමින් රෝගීන්ගේ පෝලීමද නොසලකා එක් නාඳුනන පුද්ගලයෙක් අනවසරයෙන් සහ බලහත්කාරයෙන් ඩිස්පෙන්සරිය තුළට පැමිණියේය. එවිට මා විසින් ඔහුට පිටතින් සිටින ලෙසත්, තොරතුරු ලබා ගැනීමෙන් පසු අවශ්‍ය පරිදි කැඳවන බවත් පවසා සිටියේය. එම අවස්ථාවේ කියූ පරිදි ඔහු පිටතට නොගොස් තර්ජනාත්මකව සහ අපහාසාත්මකව බැණ වදිමින් ‘තමුන් මහ ලොකු දොස්තර කෙනෙක් ද? මට මෙහෙම කතා කරන්න. තමුන්ට වැඩිය ලොකු දොස්තරලා මම මෙහේ අඳුරනවා. මාව පරීක්‍ෂා කරන්න එන මගේ යාලූ දොස්තරලා බන්ධනාගාර නිලධාරීනුත් ඉවත් කරලා තමයි මට කතා කරන්නේ. ඒ ගොල්ලන් මගෙන් අහනවා මට මොනවද ඕන? නීතියට පිටින් හරි ඕන උදව්වක් කරන්නම් කියලා. ආයෙත් වතාවක් ‘උඹ මහ ලොකු දොස්තර කෙනෙක්ද? මගේ යාලූ දොස්තර කෙනෙක් මේ දැන් කෝල් කරලා ගෙන්න ගන්ඩ පුළුවන් මට. මගේ වැඩ කරගන්න තමුසේ ඕනි නැහැ. තමුසේ දන්නේ නැද්ද? මොකක් කරලද මම මෙහෙට ආවේ කියල. ඒ වගේම තමුසෙව වෙන ලෝකෙකට අරන්නත් පුළුවන්. පැයක් ඇතුළත මාරු කරලා යවන්නත් පුළුවන්. තමුසේ වැඩිය දැඟලූවොත් එළියේ පාරේ යනකොට තමුසෙයි තමුසේගේ කාර් එකයි අලූවෙලා තියෙයි. ඒක හොඳට දැන ගන්නවා. එතකොට තමුසේගේ ගෑනිට මිනිහත් ළමයින්ට තාත්තත් නැතිවෙයි. තමුසේ දැන ගන්නවා මම රිෂාඞ් බදුර්දීන්. මට පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරප‍්‍රසාද තියෙනවා. මට ආණ්ඩු පක්‍ෂයත් විපක්‍ෂයත් දෙකම සලකනවා. උඹේ කාලේ කෙටියි. දොස්තර උඹ පරිස්සම්වෙලා හිටපං. ඉක්මනට මෙතින්න පලයං. ගිහිල්ලා උඹට හැංගිලා ඉන්න තැනක් හොයා ගනින් කියලා වියරුවෙන් කෑ ගසා කියා සිටියේය.

එම අවස්ථාවේදී තමයි මට තේරුම් ගියේ මේ කෑ ගසන පුද්ගලයා පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන් බව. එවිටත් ඉවසීමෙන් යුතුව මා පවසා සිටියේ රෝගීන් පරීක්‍ෂාවේදී යොදා ඇති ක‍්‍රමවේද කොවිඞ් වසංගත තත්ත්වය නිසා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සියලූ දෙනාගේ ආරක්‍ෂාව වෙනුවෙන් සිදුවන්නක් බවක්. ඔබතුමා සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරියෙක් විසින් මාව දැනුවත්කර තිබුණේ නම් හෝ අනෙකුත් රැුඳවියන් මදකට ඉවත්කර හෝ බැලීමට ක‍්‍රමයක් යෙදීමට තිබූ බවයි. එහෙත් ඔහුගේ කි‍්‍රයා කලාපය කිසිසේත්ම වෙනස් නොවුණි. මේ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරියෙක්ද ඩිස්පෙන්සරියේ සේවයේ යොදවා ඇති රැුඳවියාද සිටියේය. මෙම මන්තී‍්‍රවරයාගේ බැණ වැදීම ඇසී තවත් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙක් පැමිණ ඔහු එතැනින් ඉවත්කර නොගන්නට මා පහර කෑමකට වුව ලක්වීමට ඉඩ තිබුණි.

කොවිඞ් වසංගත තත්ත්වය තුළ බන්ධනාගාරය වැනි විශේෂිත අතිශය අනතුරුදායක පරිසරයක වුවත් සියලූ අපහසුතා මධ්‍යයේ වුවද  වෛද්‍යවරුන් ලෙස හැති උපරිමය රැුඳවියන් හට ලබාදීමට කැපවී කටයුතු කරන අවස්ථාවක වගකිවයුතු මහජන නියෝජිතයකුගෙන් මරණීය තර්ජන එල්ලවීම භීතියට කරුණක් බව සඳහන් කරන අතර බන්ධනාගාර පරිසරයෙන් පිටතදී මාගේ ජීවිතයට සිදුවිය හැකි අනර්ථයක් ගැන බරපතළ සැකයක් ඔහුගේ පෙර සඳහන් තර්ජනය තුළ සැඟවී ඇති බැවින් අදාළ බලධාරීන් දැනුවත් කිරීමටත් ආරක්‍ෂාව ලබාදීමටත් කටයුතු කරන ලෙස ඔබතුමියගෙන් ඉල්ලමි. එසේම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමාගේ කඩිනම් අවධානයට යොමු කරන ලෙසත් නිසි ආරක්‍ෂාව රාජකාරීමය අවස්ථාවේදී ලබාදෙන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment