රිෂාඩ් නිදහස් වන තැනට නීතිපති වැඩ කිරීම අපට පිළිගන්න බෑ – මන්ත්‍රී ජයන්ත සමරවීර

114

රිෂාඩ් බදියුදීන් පාස්කු නඩුවෙන් නිදහස් වන ආකාරයට නීතිපතිවරයා කටයුතු කිරීම අපට පිළිගන්න බෑ යැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ඊයේ (03 වැනිදා) ප්‍රකාශ කර සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (03 වැනිදා) පස්වරුවේ පිටකෝට්ටේ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවීර මහතා,

“මේ පරීක්‍ෂණ සම්පූර්ණයෙන් අවසන් වීමකින් තොරවද ඒ පිළිබඳ අධිකරණයේ විභාගය සම්පූර්ණ වීමෙන් අනතුරුවද ඔහු නිදහස් වෙලා තියෙන්නේ. අධිකරණයේ සම්පූර්ණ පරීක්‍ෂණ අවසන් වීමෙන් පසුව නම් ඔහු නිදහස් වුණේ එය සමාජය භාර ගනීවි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ගරු අධිකරණයට කියන ආකාරයට නීතිපතිවරයා තමන්ට උපදෙස් දී තියෙනවා තවදුරටත් රිෂාඩ් බදියුදීන් පාස්කු ඉරිදා ප්‍රහාරයේ හත්වැනි විත්තිකරු වන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව තවදුරටත් නීති කටයුතු කරන්නට අපේක්‍ෂා නොකරන නිසා ඔහු නිදහස් කරන්න අවශ්‍ය කටයුතු කරන්න කියා. ඒ ඉල්ලීම තමයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කරන්නේ. ඒ ඉල්ලීම සළකා බලා තමයි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය රිෂාඩ් බදියුදීන්ව නිදහස් කරලා විදේශ ගමන් බලපත්‍රයත් ඔහු ලබා දෙන්නේ. දැන් මෙහෙම ගියොත් මොකද වෙන්නේ. දැන් අපිට සැකයි. සමාජයට සැකයි පාස්කු ඉරිදා ප්‍රහාරයේ ඉතිරි සෙසු සියලු සැකකරුවොත් නිදහස් වෙලා යයිද? පාස්කු ඉරිදා ප්‍රහාරයේ මැරුණු සිය ගණන් තවමත් සදාකාලික ආබාධිතයන් බවට පත්වෙලා ඉන්න අයට සාධාරණයක් ඉටුවෙයිද කියල ප්‍රශ්නය අපට තියෙනවා.

නීතිපතිවරයා එසේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේ ඇයි? කාටත් සැක තියෙනවා. මේක දේශපාලන ප්‍රවේශයක්. නීතිපතිවරයා කියන්නේ රජයේ නීතිඥයා. එයා තමයි උපදෙස් දීලා තියෙන්නේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට රිෂාඩ් බදියුදීන් තවදුරටත් සැකකරුවෙක් නෙවෙයි. එයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නෑ කියලා. දේශපාලන අතපෙවීමක් නීතිපති දෙපාර්තමේන්තුවට සිදුවෙලා. නීතිපති දෙපාර්තමේන්තුව ඒ අතපෙවීම මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දීලා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ගරු අධිකරණයෙන් කළ ඉල්ලීමක් සළකා බලලා තමයි මේ තීන්දුව අරන් තියෙන්නේ. මෙහෙම වුණොත් රටේ නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් තියෙන විශ්වාසය ජනතාව තුළ නැත්තටම නැති වෙනවා.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment