රිෂාඩ් නිවසේ මිය ගිය දැරියගේ පැමිණිල්ල අද දහවල් කැඳවයි

279

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සීමට ලක්වී මියගිය දැරියගේ සිද්ධියට අදාළ පැමිණිල්ල අද (26) පස්වරු 1.30ට කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

අදාල පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය ඉදිරියේ කැඳවූ අවස්ථාව වන විට සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි.

අනතුරුව මෙම පැමිණිල්ල දහවල් 1.30 ට කැඳවන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියම කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment