රිෂාඩ් නිවසේ මිය ගිය දැරිය ගැන පොලිස් ඇස

262

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ කොළඹ බොරැල්ල පිහිටි නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදි ගිනි ගැනිමකින් ජිවිතක්ෂයට පත් ජේ.ඉෂාලිනි සම්බන්ධයෙන් කොළඹින් ඩයගමට පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් පැය 10 ක් තිස්සේ ප්‍රකාශ ලබා ගැනිම සිදු කරනු ලැබුහ.
ඉෂාලිනි පදිංචිව සිටි ඩයගම බටහිර කොටසේ නිවසට (21) දින උදැසන 7.30 ට පැමිණි විශේෂ පොලිස් කණ්ඩායම ඉෂාලිනිගේ මව , පියා , සහෝදරයා සහ ඉෂාලිනිව රිෂාඩ් බදුර්ඩින් මහතාගේ නිවසට රැගෙන ගිය එම වතු යායේ පදිංචි තැරුව්කරුවාගෙන්ද ප්‍රකාශ ලබාගෙන ඇත.
විශේෂ පොලිස් කණ්ඩායමට අමතරව නුවරඑලිය පොලිස් කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු සහ ඩයගම පොලිසියද මේ වන විට ඉෂාලිනිගේ මරණය සම්බන්ධයෙන් විමර්ෂණයක් ආරම්භ කර ඇත.සයිනොෆාම් තොගයක් හෙටත් එයි

advertistmentadvertistment
advertistmentadvertistment