රිෂාඩ් යළි රිමාන්ඩ් බිරිඳට මාමණ්ඩියට ඇප

176

මෙහෙකාර සේවයේ යොදවා සිටි මෙහෙකාර දැරියක කෲරත්්වයට පත් කිරීම හා වධහිංසාවට ලක් කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ පස්වන සැකකාර රිෂාඞ් බදුර්දීන් මහතා ඇප මත මුදාහරින ලෙසට නීතිඥවරුන් කළ ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ..
කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඔහු ලබන 01 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ (17 දා* පස්වරුවේ නියෝග කළාය.

එම සැකකරු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති වුවත් ඔහු ඇපමත මුදාහැරීමෙන් ඉදිරි විමර්ශනවලට බාධාවක් සිදුවිය හැකි බවත් පෙන්වා දෙමින් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා දැක්වූ විරෝධතාවය පිළිගත් අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එම නියෝගය කළාය.

එම නඩුවේ දෙවන හා තුන්වන සැකකරුවන් වන රිෂාඞ් බදුර්දීන් මහතාගේ බිරිඳ හා ඇගේ පියා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදාහැරීමට ද අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එහිදී නියෝග කළාය.

ඉදිරි විමර්ශනවලට හෝ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට කිසිදු බලපෑමක් සිදු නොකරන ලෙසට අවවාද කරමින් එම ඇප නියෝගය නිකුත් කළ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එම සැකකරුවන් දෙදෙනා විදේශගත වීම වළක්වන නියෝගයක් ද නිකුත් කළාය.

එම මෙහෙකාර දැරිය නිවසේ සේවය කළ බව සිය සේවාදායකයා නොදන්නා බවත් ඇය සමග ඔහු කිසිම දිනක කතාබහ කර නොමැති බවත් රිෂාඞ් බදුර්දීන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එන්. එම්. ෂහිඞ් මහතා එහිදී අධිකරණයට පැවසීය.

එම දැරිය එහි සේවය කළ කාලය අතරතුර මාස පහක පමණ කාලයක් රිෂාඞ් බදුර්දීන් එහි ජීවත් වී ඇති බැවින් විත්තියේ නීතිඥවරයා කළ එම කරුණු දැක්වීම කිසිසේත්ම පිළිගත නොහැකි බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පැවසීය.

සිය සේවාදායකයා සම්බන්ධයෙන් සමහර ජනමාධ්‍ය ප‍්‍රවෘත්ති පළ කරනුයේ සත්‍ය විකෘති කරමින් බව ද නීතිඥ ෂහිඞ් මහතා එහිදී අධිකරණයට පැවසූ අතර එම සැකකරුගේ සැබෑ තත්ත්වය අධිකරණය හමුවේ අනාවරණය කරනා විට ඒවා අසත්‍ය බව ප‍්‍රකාශ කිරීමට විත්තිය උත්සාහ දරනා බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පැවසීය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් පෙර දිනයේ කරන ලද පැමිණිල්ල අනුව රිෂාඞ් බදුර්දීන් මහතාගේ ලේකම්වරයාගෙන් ප‍්‍රකාශ ලබාගෙන පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එහිදී දැනුම් දුන්නාය.

මාධ්‍යවේදියක ලෙස පෙනී සිටිමින් අධිකරණයට පැමිණ තමන් අධිකරණය හමුවේ කරනා කරුණු දැක්වීම් රහසිගතව පටිගත කර පිටස්තර පාර්ශ්වයක් වෙත ලබාදුන් එම ලේකම්වරයා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ ප‍්‍රගතිය සම්බන්ධයෙන් දිලීප පීරිස් මහතා කළ කරුණු විමසීමට පිළිතුරු දෙමින් අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය ඒ බව දැනුම් දුන්නාය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment