රිෂාබ් පාන්ට්ට ඩෙල්ටා

173

එංගලන්තයේ තරග සංචාරයක නිරතව සිටින ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ කඩුලූ රකින ක‍්‍රීඩක රිෂාබ් පාන්ට් හට කොවිඞ් 19 වෛරසයේ ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදනය වී ඇති බව ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර ඇත.

23 හැවිරිදි රිෂාබ් පාන්ට් කොවිඞ් ආසාදිතයකු බවට ඊයේ (15 වැනිදා* හඳුනාගෙන ඇත. කෙසේ වෙතත් ඔහු ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ අනෙක් ක‍්‍රීඩකයන් සමඟ මුහුවීමක් සිදු වී නැති අතර අනෙක් කිසිදු ඉන්දීය කි‍්‍රකට් ක‍්‍රීඩකයකු කොවිඞ් රෝගීන් බව හඳුනාගෙන නැත.

ඒ අනුව රිෂාඞ් පාන්ට් ඉන්දීය කණ්ඩායම සමඟ ඩර්හැම් වෙත ගමන් නොකරනු ඇති අතර දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන මස 04 වැනිදා පැවැත්වෙන අතර ඉන්දියාව සහභාගිවන පුහුණු තරගය ලබන 20 වැනිදා පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment