රිළවා, වල් ඌරා, දඬුලේනා, මොනරා, ඉත්තෑවා ජාතික සත්වයා ආරක්ෂක පනතින් ඉවත් කළා  

609

මහින්ද අමරවීර පවසයි

දේශීය වශයෙන් වගා කරන ආහාර බොහොමයක් සතුන්ගේ හානිය නිසා විනාශ වන බැවින් එය වැළැක්වීම සඳහා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර එම කමිටුවේ නිර්දේශ මත රිළවා, දඬුලේනා, වල් ඌරා, මොනරා සහ ඉත්තෑවා ජාතික සත්ත්ව ආරක්ෂණ ලේඛනයෙන් ඉවත් කළ බව මහින්ද අමරවීර ඇමැතිවරයා සඳහන් කළේය.

වනජීවී හා වන සංරක්ෂණ ගැටලු පිළිබඳ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය. මෙම අවස්ථාවට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්, වන සම්පත් අධ්‍යක්ෂ ජනරාල්, අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් වනජීවී අධ්‍යක්ෂවරු, වනජීවී අධ්‍යක්ෂවරුන්, වන සංරක්ෂණ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් මෙන්ම වන අලි ගැටලුවලට මුහුණ දෙන ගොවි සංවිධානවල නියෝජිතයෝ සහභාගි වී සිටියහ.

රිළවා, වල් ඌරා, දඬුලේනා, මොනරා, ඉත්තෑවා ජාතික සත්වයා ආරක්ෂක පනතින් ඉවත් කළා  

පත් කරන ලද මෙම කමිටුවේදී වගාවන්වලට හානි කරන වන සතුන් ලෙස අලියා, වල් ඌරා, ඉත්තෑවා, මොනරා, රිළවා, වඳුරා යන සතුන් ආහාර විශාල ප්‍රමාණයක් විනාශ කරන බවට හඳුනාගෙන තිබූ අතර හානි වන ප්‍රමාණය ද වෙන වෙනම ගණනය කරමින් සිටින බවත් සඳහන් කෙරිණි.

තිස්සමහාරාම – අමිල සම්පත් ශ්‍රී

advertistmentadvertistment
advertistmentadvertistment