රීලෝඞ් උගුලෙන් පාරිභෝගිකයින් මුදවා ගැනීමට එයාර්ටෙල් ශ්‍රී ලංකාව පුරා 4G සේවාවන් දියත් කරයි

642

එයාර්ටෙල්හි සුවිශේෂී ’Freedom Packs’ සමඟින් 4G සේවාවන් දියත් කරමින් ශ්‍රී ලංකාවේ ජංගම විදුලි සංදේශ සේවා ක්ෂේත‍්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් විය.
 
එක් වරක් රීලෝඞ් කිරීමෙන් ‘Freedom Packs’ මගින් ඔබට මාසයක් පුරාවට කොන්දේසි විරහිතව ප‍්‍රමාණවත් මෙන්ම අමතර ඬේටා සහ ඇමතුම් ප‍්‍රතිලාභ ලබා දෙයි. මේ සියල්ල ඔබ වෙත ගෙන එනු ලබන්නේ එයාර්ටෙල් හි ජාත්‍යන්තර මට්ටමේ Buffering රහිත 4G ජාලයක සුපිරි අත්දැකීමක් සමඟින්ය.
 
 මෙම Freedom Pack සමඟින් පාරිභෝගිකයින් සඳහා වඩාත් විනිවිදභාවයකින් යුතු, කොන්දේසි රහිත හා වැඩි ඇමතුම් ප‍්‍රතිලාභ සහිතව මසකට කිහිප වරක් රීලෝඞ් කිරීමේ අවශ්‍යතාව එයාර්ටෙල් ඉවත් කර ඇත. තවද කොවිඞ්-19 වසංගතය හේතුවෙන් අන්තර්ජාල භාවිතාව විශාල ලෙස ඉහළ ගොස් තිබේ. මෙම නව පැකේජය පාරිභෝගිකයාගේ අවබෝධය පදනම් කර ගනිමින් හඳුන්වාදී ඇති අතර නව්‍යකරණයෙන් පාරිභෝගිකයාට පහසු සේවාවන් සැලසීම යන එයාර්ටෙල්හි දර්ශනයද එමගින් විශේෂයෙන් පෙන්වා දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment