රුක්මණිගේ ග්‍රැමෆෝනය කබඩ් එකත් සමග අතුරුදන්

498

මීගමුවේ රුක්මණිදේවි කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ රුක්මණිදේවි භාවිත කළ ග්‍රැමෆෝන් යන්ත්‍රය සහ එය තබා තිබුණු කබඩ් එක ද අස්ථානගතව ඇත.

මෙය හෙළි වූයේ ටවර්හෝල් රඟහල පදනමේ අධ්‍යක්‍ෂක ජනරාල් ආචාර්ය ඩී. එම්. එස්. දිසානායක මහතාගේ උපදෙස් පිට කෞතුකාගාරයේ අඩුපාඩු සොයා බලා ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට අධ්‍යක්‍ෂ මණ්ඩලයේ චන්දන බණ්ඩාර මහතා එහි ගිය අවස්ථාවේදීය.

ටවර් පදනමේ අධ්‍යක්‍ෂක දිසානායක මහතාගේ ඇරයුමෙන් මෙම ගමනට සහභාගි වූ රුක්මණිදේවි අනුස්මරණ සංගමයේ නිර්මාතෘ හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස් මහතා විසින් එම අඩුපාඩුව චන්දන මහතාට පෙන්වා දී තිබේ. කෞතුකාගාරය පාලනය කිරීමට වරින්වර නිලධාරීන් කීපදෙනකු පත්කර තිබූ අතර කවදා සිදුවූවා දැයි මෙතෙක් හෙළි කරගෙන නැත. මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් වහාම පවත්වන ලෙසට අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් චන්දන මහතාට උපදෙස් දී තිබේ.
හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස්

advertistmentadvertistment
advertistmentadvertistment