රුක්මණී දේවියට අවුරුදු 100 යි : සැමරුම මරදානේදී….

202

හෙළයේ මහා ගීත කෝකිලාවිය හා සිනමා නිළි අග රැජිනිය රුක්මණි දේවියගේ සියවන ජන්ම දින සැමරීම් වස් ‘රුක්මණි දේවි අනුස්මරණ සංගමය’ මගින් මෙම 15 වන දින පෙ. ව. 9.00 ට මරදාන ටවර් හෝල් රඟහලේදී ‘රුක්මණි දේවි සැමරුම් ගී ප්‍රසංගය’ පැවැත්වේ.

රජය පිළිගත් ප්‍රථම සහ එකම අනුස්මරණ සංගමය වන ‘රුක්මණිදේවි අනුස්මරණ සංගමය’ උත්සවය සාර්ථක කර ගැනීමට දායකත්වය ලබාදී ඇත්තේ බුද්ධශාසන හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසිනි.

ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්‍ෂක කපිල ගුණසිංහ මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ අනුග්‍රහය ලබා දී ඇත.

ටෙලි නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්‍ෂක ජයන්ත චන්‍ද්‍රසිරි කලා ශිල්පියා රුක්මණි දේවි ඇගැයුම් දේශනය පවත්වනු ලබන අතර, සිනමා නිළි රැජින මාලනී ෆොන්සේකා ද රුක්මණි අගයයි. සිනමා හා ටෙලි නාට්‍ය නළු නිළියන් රාශියක් සහභාගි වන අතර ආරාධිත ගායකයකු ලෙසින් රුක්මණි දේවි සමඟ යුග ගී ගැයූ ගායක පීලික්ස් ඇන්ටන් සහභාගි වේ.

ජාතික තරුණ සේවා සභාවේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්‍ෂක සහ ගුවන් විදුලි නිවේදක ජගත් ලියනගේ සමගින් කටහඬ නිවේදක ශ්‍රීමත් ඉන්‍ද්‍රජිත් ලියනගේ නිවේදන කටයුතු කරති.

රුක්මණි දේවි අනුස්මරණ සංගමයේ නිර්මාතෘ උපදේශක මාධ්‍යවේදී හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස් සමඟ වේෂ නිරූපණ ශිල්පිනි සභාපතිනි මංගලා පෙරේරා උත්සවයේ සංවිධාන කටයුතු කරති.

advertistmentadvertistment
advertistmentadvertistment