රුක්මණී දේවි පුස්තකාලය හෙට විවෘත වේ

202

ශ්‍රී ලංකාවේ ගීත කෝකිලාවිය, නිළි රැජන නමින් විරුදාවලිය ලත් රුක්මණීදේවියගේ 44 වැනි ගුණ සමරුව නිමිත්තෙන් ඇය විසින් කලා කේෂ්ත්‍රයට සිදුකළා වූ අනූපමේය මෙහෙවර අගයමින් ටවර් හෝල් රඟහල පදනම සහ රුක්මණීදේවි සංගමය ඒකාබද්ධව ඇගේ ජීවන තොරතුරු ඇතුළත් රුක්මණී දේවි පුස්තකාලය විවෘත කිරීම හා රුක්මණි දේවි ගී රස වින්දන ප්‍රසංගය හෙට (03 වැනිදා) රුක්මණීදේවි අනුස්මරණ රංග කලා ශිල්පී කේන්ද්‍රයේදී පැවැත්වේ.

අභිනවයෙන් ආරම්භ කරනු ලබන මෙම රුක්මණීදේවි අනුස්මරණ පුස්තකාලය සඳහා ඇයගේ ජීවන තොරතුරු ඇතුළත් ඉතා වටිනා ග්‍රන්ථ බොහොමයක් රුක්මණිදේවි අනුස්මරණ සංගමයේ නිර්මාතෘ උපදේශක ප්‍රවීණ මාධ්‍යවේදී හෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස් මහතා විසින් ස්ව කැමැත්තෙන්ම පරිත්‍යාග කර මේ සඳහා දායකත්වය ලබාදී ඇත. තවද රුක්මණී දේවි ගී රස වින්දන ප්‍රසංගය රුක්මණී දේවි අනුස්මරණ සංගමයේ සභාපති මංගලා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සංවිධායනය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment