රුකුල් පොජ්ජෙන් රුකුල් පොජ්ජට මංගච්චලා කතිර පොජ්ජේ වැදගත් පොජ්ජ කතා දමන්න

155

වන්නිලඇත්තෝ ආදිවාසි ඡන්ද අපේක්‍ෂකයන්ට දන්වයි

රුකුල් පොජ්ජෙන් රුකුල් පොජ්ජට මංගච්චලා මේ ඇත්තන්ගේ කැකුළු කැකුළියන්ට කතිර පොජ්ජේ වැදගත් පොජ්ජ කතා දමන්න යැයි ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් මෙම පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වී සිටින ආදිවාසි ඡන්ද අපේක්‍ෂකයන්ට දැනුම් දී ඇත.

ආදිවාසීන්ගේ ගෙවල් ගානේ ගොස් එහි සිටින තරුණ තරුණියන්ට මෙම ඡන්දයේ (කතිරයේ) වටිනාකම පහදා දීම එහි අර්ථයයි.

මෙම මැතිවරණය සඳහා කිසිදු වියදමකින් තොරව පරිසරයට හානි නොකර ගෙවල් ගානේ ගොස් ඡන්ද ප්‍රචාරක වැඩ කරන ලෙස වන්නිල ඇත්තන් සිය අපේක්‍ෂකයන්ට දන්වා තිබේ.
නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment