රුපියල් කෝටි දහතුන් දහසක් ගෙවා ඩුබායි පාලක හය වැනි බිරිඳගෙන් දික්කසාද වෙයි

762


ඩුබායි පාලක ෂෙයික් මොහොමඩ් බිල් අල් මක්තූම්ට ඔහුගේ ළාබාලතම බිරිඳගෙන් දික්කසාදවීමට වන්දි මුදල් ලෙස පවුම් මිලියන 500කට අධික මුදලක් හෙවත් රුපියල් කෝටි දහතුන් දහසකට අධික මුදලක් ගෙවීමට සිදුව ඇත.මෙය බ්‍රිතාන්‍ය නීති ඉතිහාසයේ විශාලතම දික්කසාද වන්දියක් තීන්දුවූ නඩු විභාගයක් බවට පත්ව තිබේ.
ඩුබායි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තූම්ගේ බිරින්දෑවරු හයදෙනාගෙන් ළාබාලතම බිරිඳ බවට පත්ව සිටියේ මේ වන විට 47 හැවිරිදි වියේ පසුවන හයා බින්ට් අල් හුසේන් කුමරියයි.
ඇය ජෝර්දානයේ හිටපු රජු හුසේන්ගේ දියණියකි.
හයා කුමරිය 2004 වසරේදී මක්තූම් හා විවාහ වූ අතර 2019 වසරේදී එම විවාහය අවසන් විය.
විවාහයෙන් මේ යුවළට දරුවෝ දෙදෙනෙක් ද සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment